ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටුව නම් කෙරේ!

9 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටුව නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහ විධායක කමිටුව අද ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ඉල්ලා අස්වීමේ ලිපි ඉදිරිපත් කිරීමෙන් පසුවයි මෙම පත් කිරීම සිදු කර ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පත් කර තිබෙනවා.ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් මේ පත්වීම සිදු කර ඇති බවට වාර්තා වේ.

එරාන් වික්‍රමරත්න මහතාට අමතරව රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, තුෂිර රදැල්ල, සිදත් වෙත්තමුණි, අවන්ති කොළඹගේ, ප්‍රකාශ් ෂාෆ්ටර්, උපුල් කුමාරප්පෙරුම, සහ ඩිනාල් පිලිප්ස් යන මහත්වරුන්ද නව අතුරු කමිටුවට ඇතුළත්ව සිටිනවා.

නව කමිටුව යටතේ ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් ගැටළු සඳහා විසඳුම් හඳුනා ගැනීම සහ පාලක මණ්ඩලය තුළ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ප්‍රධානවම බලාපොරොත්තුවේ.

Back To Top