පැතුම්ගේ අර්ධ ශතකය අපතේ යවමින් දිල්ලි කැපිටල්ස් පරාදවෙයි!

2026 IPL තරගාවලියේ 51වෙනි තරගය දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර ඊයේ පැවැත්වුණා.එම තරගය කඩුලු 8කින් පහසුවෙන් ජයග්‍රහණය කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

මුලින්ම පන්දුවට පහර දුන්න දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට හොද අරම්භයක් ලබා දීමට පැතුම් නිස්සංක සහ ලෝකේෂ් රාහුල් සමත් වුණා,පන්දු 30කින් ලකුණු 49ක සබදතාවයක් ඔවුන් දෙදෙනා ගොඩ නැගුවා.සිය දෙවෙනි IPL අර්ධ ශතකය වාර්තා කිරීමට පැතුම් නිස්සංක සමත් වුණා.ඔහු පන්දු 29කින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 50ක් රැස් කරා.බහුතරයක් දිල්ලි පිතිකරුවන් අවම ලකුණු 20 සීමවටවත් පැමිණීමට අපොහොසත් වුණා.

ලකුණු 143ක ඉලක්කය හඹා ගිය කොල්කටා පිතිකරුවන් පන්දු 34ක් සහ කඩුලු 8ක් ඉතිරිව තිබියදී ලකුණු 147ක් ලබාගෙන පහසුවෙන්ම තරගය ජයග්‍රහණය කරා.අඩු ලකුණු සහිත ඉනිමක් වුවත් ෆින් ඇලන් නොදැවී ශතකයක් වාර්තා කිරීමට සමත් වුණේ හතරේ පහර 5ක් සහ හයේ පහර 10ක් එක්ක.

ජයග්‍රහණය සදහා කොල්කටා කණ්ඩායමට ලකූණු 2ක් අවශ්‍යව තිබියදී ෆින් ලකුණු 94ක් ලබාගෙන සිටි අතර දැවැන්ත හයේ පහරක් සමගින් ශතකය සහ තරග ජයග්‍රහණය යන දෙකම සම්පූර්ණ කිරීමට ඔහු සමත් වුණා.මේ වන විට ක්‍රීඩා කළ තරග 11න් 7ක් පරාද වී සිටින පැතුම් නිස්සංක් ක්‍රීඩ් කරන දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 8වෙනි ස්ථානයේ පසුවේ.

ඊයේ තරගයේ ලකුණු සටහන

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 142යි.

පැතුම් නිස්සංක 50,අශුතෝෂ් ශර්මා 39,ලෝකේෂ් රාහුල් 23
කාර්තික් ත්‍යාගී 25/2,අනුකුල් රෝයි 31/2,සුනිල් නරේන් 17/1,වෛබව් අරෝරා 29/1,කැමරන් ග්‍රීන් 12/1

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 14.2කදී කඩුලු 2ක් දැවී ලකුණු 147යි.

ෆින් ඇලන් නොදැවී 100,කැමරන් ග්‍රීන් 33,අජින්ක්‍යා රහනේ 13
අක්ෂාර් පටෙල් 27/1

Back To Top