IPL තරගාවලියේ 6වෙනි ජයග්රහණය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද සමත් වුණා.ඒ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පැවති මෙවර IPL තරගාවලියේ 53වෙනි තරගය කඩුලු 5කින් ජය ගනිමින්.
පළමුවෙන් පන්දුවට පහර දුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදි කඩුලු 8කට ලකුණු 203ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.කෙසේවෙතත් පන්දු 33කින් ලකුණු 85ක් රැස් කරමින් ජොෂ් ඉන්ග්ලිස් ලබා දුන් සාර්ථක ආරම්භය පවත්වාගෙන යාමට අනෙකුත් ලක්නව් පිතිකරුවන් අපොහොසත් උනා.ඉන්ග්ලිස් දැවී යන විට ලක්නව් කණ්ඩායම පන්දුවාර 9.1කදී කඩුලු 3කට ලකුණු 112ක් රැස් කරගෙන සිටි අතර ඒ අනුව ඉතිරි පන්දු 65ටම ඔවුන් රැස් කරගෙන තිබුණේ කඩුලු 5කට ලකුණු 91ක් පමණයි.ඉන් ලකුණු 43ක්ම ශහ්බාස් අහ්මඩ් රැස් කළ ලකුණු වීමත් විශේෂයි.
ලකුණු 204ක ජයග්රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දු 4ක් ඉතිරිව තිබියදී ලකුණු 208ක් ලබාගනිමින් තරගය ජයග්රහණය කරා.චෙන්නායි ජයග්රහණය වේගවත් කිරීමට උර්විල් පටෙල් පන්දු 23කින් රැස් කළ ලකුණු 65 විශේෂයෙන් දායක උනා.ඔහු පන්දු 13කින් අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර ඔහු මීට පෙර යශස්වී ජයිස්වාල් පන්දු 13කින් අර්ධ ශතකයක් වාර්තා කරමින් වාර්තා කර තිබූ වේගවත්ම IPL අර්ධ ශතකයේ වාර්තාව සම කිරීමට සමත් වුණා.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පිට පිට ජයගත් තුන්වෙනි තරගය මෙයයි.
තරගයේ ලකුණු සටහන
ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 20කදී කඩුලු 8ක් දැවී ලකුණු 203යි.
ජොෂ් ඉන්ග්ලිස් 85,ශහ්බාස් අහ්මඩ් 43
ජෙමී ඕවර්ටන් 36/3,අන්ශුල් කාම්බෝජ් 47/2,නූර් අහ්මඩ් 24/1
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19.2කදී කඩුලු 5ක් දැවී ලකුණු 208යි.
උර්විල් පටෙල් 64,රුතුරාජ් ගයික්වාඩ් 42,සංජු සැම්සන් 28
ශහ්බාස් අහ්මඩ් 30/2,දිග්වේශ් රාති 45/2,ආවේෂ් ඛාන් 44/1

