සන්රයිසස් පිළත් Play-offs වටයට!

2026 IPL තරගාවලියේ 63වෙනි තරගය ඊයේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වුණා.

මේ තරගයේ ජයග්‍රහණය මත කණ්ඩායම් ගණනාවක ඉදිරි ගමන තීරණය උන තරගය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 5කින් ජයග්‍රහණය කරමින් එක් තරගයක් ඉතිරිව තිබියදීම Play-offs වටයට සුදුසුකම් ලැබීමට සමත් වුණා.මේ වෙද්දි ඉතිරිවී ඇති Play-offsහි එකම ස්ථානයට කණ්ඩායම් 5ක් තරග වදිනු ඇතියි.

ඊයේ තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් චෙන්නායි කණ්ඩායම කඩුලු 7කට ලකුණු 180ක් රැස් කරා.චෙන්නායි ඉනිම තුළ එකදු අර්ධ ශතකයක්වත් වාර්තා නොවී තිබීම විශේෂ‍යි,ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ඩෙවෝල්ඩ් බ්‍රෙවිස් ලකුණු 44ක් රැස් කරා.පැට් කමින්ස් චෙන්නායි ඉනිමේ මුල් කඩුලු 4න් තුනක්ම දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දු 6ක් ඉතිරිව තිබියදී පහසුවෙන් ලකුණු 181ක් රැස් කරමින් කඩුලු 5කින් තරගය ජයගත්තා.ඉෂන් කිෂන් සහ හෙන්රිච් ක්ලාසන් අතර ගොඩ නැගුණු ලකුණු 75ක සබදතාවය සහ ඉෂන්ගේ ලකුණු 70ත් ක්ලාසන්ගේ ලකුණු 47ත් සමග පහසුවෙන් ඔවුන් එම ඉලක්කය හඹා ගියා.

තරගයේ ලකුණු සටහන

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 180යි.

ඩෙවෝල්ඩ් බ්‍රෙවිස් 44(27),කාර්තික් ශර්මා 32(19),සංජු සැම්සන් 27(13)
පැට් කමින්ස් 28/3,සකිබ් හුසේන් 34/2,එෂාන් මාලිංග 26/1,ප්‍රාෆුල් හින්ගේ 37/1

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 19කදී කඩුලු 5කට ලකුණු 181යි.

ඉෂන් කිෂන් 70(47),හෙන්රිච් ක්ලාසන් 47(26),අභිෂේක් ශර්මා 26(21)
මුකේෂ් චෞද්‍රි 36/2,අකීල් හුසේන් 21/1,නූර් අහ්මඩ් 40/1,අන්ශුල් කාම්බෝජ් 46/1

Back To Top