රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු 2026 IPL අවසන් සටනට!

2026 IPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඊයේ සමත් වුණා.ඒ පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදි ගුජරාට්ට යිටන්ස් කණ්ඩායම ලකුණු 92කින් පරාජයට පත් කරමින්.කෙසේවෙතත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට අවසන් මහා තරගයට පිවිසීමට තවත් එක් අවස්ථාවක් ඉතිරිව පවතිනවා.

ඊයේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කඩුලු 5කට ලකුණු 254ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.මෙය වාර්තා අතරට එක් වුණේ IPL තරගාවලියක සුදුසුකම් ලැබීමේ තරගවල පළමු තරගයේදී (Qualifiers 1) කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.බැංගලෝර් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූවේ නායක රාජත් පටීදාර්,ඔහු පන්දු 33කින් ලකුණු 93 නොදැවී රැස් කළ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 9ක් ඇතුළත්ව තිබුණා.

ලකුණු 255ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් ඉනිම වේලාසනින්ම අඩපණ කිරීමට බැංගලෝර් පන්දු යවන්නන් සමත් වුණා,Power Play පන්දුවාර 6 අවසන් වන විට ගුජරාට් ඉනිම දිස් වූවේ ලකුණු 51කට කඩුලු 5ක් ලෙසයි.ලකුණු 88කට කඩුලු 8ක් අහිමි වී තිබූ ගුජරාට් ඉනිම තරමක හෝ අස්වැසිලිදායක තත්වයකට ගෙන ආවේ රාහුල් ටෙවාටියා.රාහුල් පන්දු 43කින් ලකුණු 68ක් රැස් කරමින් ගුජරාට් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුණා.
දැවීගිය ගුජරාට් පිතිකරුවන් 10දෙනාගෙන් 6දෙනෙක්ම ලකුණු 10ට අඩුවෙන් වාර්තා කරගෙන සිටීමත් විශේෂත්වයක් වන අතර බිද වැටුණු කඩුලු 10න් 8ක්ම ලබාගෙන තිබුණේ බැංගලෝර් වේගපන්දු යවන්නන් වීමත් විශේෂත්වයක්.

බැංගලෝර් කණ්ඩායම IPL අවසන් මහා තරගයකට පිවිසි 5වෙනි අවස්ථාව මෙය වන අතර පිට පිට අවසන් මහා තරගයකට පිවිසි පළමු අවස්ථාවද මෙයයි.

ලකුණු සටහන

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 254යි.

රාජත් පටීදාර් නොදැවී 93(33)*,විරාත් කෝලි 43(25),කෘනාල් පාණ්ඩ්‍යා 43(28),දෙව්දත් පඩික්කල් 30(19)
ජේසන් හෝල්ඩර් 39/2,කගීසෝ රබාඩා 54/2,ප්‍රසිධ් ක්‍රිෂ්නා 53/1

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 19.3ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 162යි.

Back To Top