ශ්රී ලංකා ක්රිකට් අතුරු කමිටුව අද දිනයේදී පත් කළ අතර එහි සභාපති ධූරය අර්ජුන රණතුංග මහතාට හිමිවිය. මාධ්ය වෙත අදහස් දක්වමින් අර්ජුන රණතුංග මහතා සදහන් කොට ඇත්තේ වැඩි වශයෙන් ක්රිකට් ක්රීඩාවට අවදානය යොමු කරන බවයි. ක්රීඩා ඇමතිතුමා සෑහෙන කාලයක් මේක දිහා බලන් ඉඳලා තමයි මේක පත් කරලා තියෙන්නෙ. මටත් වගකීමක් බාරදීලා තියෙනවා. වැඩි ප්රමණයක් මගේ […]
ICC World Cup 2023 | Sri Lanka Vs Bangladesh – 8th Match
ශ්රී ලංකා ක්රිකට් සදහා අතුරු පාලක කමිටුවක් පත් කරයි
ශ්රී ලංකා ක්රිකට් විධායක කමිටුව තාවකාලිකව අත්හිටුවීමටත් ඒ සඳහා සාමාජිකයන් 7 දෙනෙකුගෙන් යුත් අතුරු පාලක කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා. අතුරු පාලක කමිටුවේ සභාපති ධූරය අර්ජුන රණතුංග මහතාට හිමි වද්දී මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්රාමලත් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන එස්.අයි. ඉමාම්, රෝහිනී මාරසිංහ, විශ්රමලත් මහාධිකරණ විනිසුරු ඉරංගනී පෙරේරා, උපාලි ධර්මදාස, රකිත රාජපක්ෂ , නීතීඥ […]
හෙට තරගයට ශ්රී ලංකා ආරම්භක පිතිකරණයේ වෙනසක්
එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම සහභාගි වන අටවන තරගය හෙට දිනයේදී දිල්ලිහිදී පපැවැත්වීමට නියමිතය. ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි. බංග්ලාදේශය මේ වන විටත් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වී ඇති අතර ශ්රී ලංකාවට තවදුරටත් බලාපොරොත්තු රදවා ගැනීමට අවස්ථාව පවතී. හෙට දිනයේදී බංග්ලාදේශයට එරෙහි තරගය වෙනුවෙන් ආරම්භක පිතිකරු කුසල් ජනිත් කණ්ඩායමට කැඳවීමට නියමිතය. ඒ පෙර තරග දෙකෙහිදී […]
ලංකා T10 තරගාවලියේ ක්රීඩක වෙන්දේසියත් කල්දමයි
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරන ටී10 ක්රිකට් තරගාවලියේ ක්රීඩක වෙන්දේසිය එළඹෙන නොවැම්බර් මස 10 වනදා පැවැත් වීමට නියමිතව තිබුණි. නමුත් එය නොවැම්බර් මස 24 වැනිදා දක්වා කල්දැමීමට ශ්රී ලංකා ක්රිකට් බලධාරීන් තීරණය කොට ඇති බවට තොරතුරු වාර්තා වී ඇත. ශ්රී ලංකා ක්රිකට් පරිපාලනයට මේ වන විට එල්ල වී ඇති බලපෑම් හේතුවෙන් ක්රීඩක වෙන්දේසිය කල්දැමීමට […]
බංග්ලාදේශ – ශ්රී ලංකා තරගය තවදුරටත් අවදානමේ ?
ICC ලෝක කුසලාන 2023 තරඟාවලියේ බංග්ලාදේශය හා ශ්රී ලංකාව අතර තරගය එළඹෙන සඳුදා දිනයේදී පැවැත්වීමට නියමිතය. බංග්ලාදේශය මේ වන විටත් ලෝක කුසලානයෙන් ඉවත්ව සිටින අතර ශ්රී ලංකාව තරගාවලිය තුළ තවමත් රැදී සිටින නමුත් අවසන් පූර්ව වටය පිළිබඳව බලා තබාගත නොහැකි තතත්වක ශ්රී ලංකා කණ්ඩායම රැදී සිටියි. නමුත් මේ අතර තරගය නතර කිරීමට ඉඩ ඇති බවට […]
ශ්රී ලංකා ක්රිකට් ලේකම් ඉල්ලා අස්වෙයි
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා සිය ඉල්ලා අස්වීම භාරදී ඇත. එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ලබන පරාජයන් හමුවේ විවිධ පාර්ශව වලින් එල්ල වන චෝදනා හමුවේ ක්රිකට් ලේකම් වරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇත ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ මෑත කාලීන පරාජයන් සම්බන්ධයෙන් ශ්රී ලංකා ක්රිකට් විධායක කමිටුව සහ තේරීම් කමිටුවෙන් ඉල්ලා […]
බංග්ලාදේශ ශ්රී ලංකා තරගයට වායු දූෂණය හරස් වන ලකුණු ?
ICC ලෝක කුසලාන 2023 තරඟාවලියේ බංග්ලාදේශය හා ශ්රී ලංකාව අතර තරගය එළඹෙන සඳුදා දිනයේදී පැවැත්වීමට නියමිතය. බංග්ලාදේශය මේ වන විටත් ලෝක කුසලානයෙන් ඉවත්ව සිටින අතර ශ්රී ලංකාව තරගාවලිය තුළ තවමත් රැදී සිටින නමුත් අවසන් පූර්ව වටය පිළිබඳව බලා තබාගත නොහැකි තතත්වක ශ්රී ලංකා කණ්ඩායම රැදී සිටියි. නමුත් මේ අතර තරගය නතර කිරීමට ඉඩ ඇති බවට […]
ශ්රී ලංකා ක්රිකට් පරිපාලනය හා තේරීම් කමිටුව ඉල්ලා අස්විය යුතුයි – ක්රීඩා ඇමති
මෙවර ලෝක කුසලාන තරගාවලියේ පරාජයේ වගකීම තේරීම් කමිටුව හා ක්රිකට් ආයතනය භාරගත යුතු බවද ක්රීඩා අමාත්යවරයා සදහන් කොට ඇත. ක්රීඩා අමාත්යවරයාගේ උපදෙස් පරිදි නිකුත් කළ නිවේදනයක ඒ බව සටහන් කොට ඇත. ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ, ක්රිකට් ක්රීඩාවට ආදරය කරන සියල්ලෝම පාහේ මේවන විට දැඩි කණගාටුවකට හා කනස්සල්ලකට පත්ව ඇති බවත් […]
ශ්රී ලංකා ක්රිකට් ආයතනය හා ක්රීඩා අමාත්යවරයා, ජනපතිට ලිපි යවයි
ක්රීඩා අමාත්යාංශයෙන් සිදුකරන කරන හිරිහැර හේතුවෙන් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ දෛනික කටයුතුවලට බාධා එල්ල වන බව පවසමින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය ජනාධිපති රනිල් වික්රමසිංහ වෙත ලිපියක් යොමුකොට ඇත. ඒ ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස ඉල්ලමින්. ශ්රී ලංකා ක්රිකට් ආයතනය ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියේ මෑත කාලීන තරගාවලි කිහිපයකට ක්රීඩා අමාත්යාංශය සිදුකළ මැදිහත් වීම් පිළිබඳව සදහන් […]
පරාජය පිළිබඳව ශ්රී ලංකා ක්රිකට් ආයතනය හදිසි කරුණු පැහැදිලි කිරීමක් ඉල්ලයි
ඉන්දියාවට එරෙහිව ඊයේ පැවති තරගය පරාජයට පත් වීම සම්බන්ධයෙන් ශ්රී ලංකා ක්රිකට් ආයතනය කනස්සල්ල සහ සිය කලකිරීම ප්රකාශ කොට ඇත. නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය කියා සිටියේ මෙම ගැටළු සැලකිල්ලට ගනිමින්, සමස්ත පුහුණු කාර්ය මණ්ඩලයෙන් සහ තේරීම් කමිටුවෙන් හදිසි සහ පුළුල් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇති බවයි. මෑතකාලීනව ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ සමස්ත දක්ෂතා […]
ඩිල්ෂාන් මධුසංඛට IPL කොන්ත්රාත්තුවක් ලැබෙනු ඇතැයි ඉන්දීය විස්තර විචාරකයෙකු කියයි
ඉන්දියාව සමගින් ඊයේ දිනයේ දී පැවති තරගයේදී ශ්රී ලංකා වේගපන්දු යවන ක්රීඩක ඩිල්ෂාන් මධුසංඛ එක්දින පිටියේ සිය හොදම පන්දු යැවීම වාර්තා කළේය. ප්රභල ඉන්දීය පිතිකරුවන් පස්දෙනෙකු දවාගැනීමට ඩිල්ෂාන් ඊයේ දිනයේ සමත් වූ අතර ඔහුගේ දක්ෂතාවය පිළිබඳව ඉන්දීය විස්තර විචාරක ආකාෂ් චොප්රා මෙලෙසින් අදහස් දක්වා ඇත. ” මධුශංක ඉතාමත් හොඳින් පන්දු යවනවා. ඔහු ඉතා හොඳ ක්රීඩකයෙක්. […]

