සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමගින් පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කොට තිබෙනවා. චමරි අතපත්තුගේ නායකත්වය යටතේ තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 16ක් ඇතුළත් වී තිබෙනවා. විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, නිලක්ෂි ද සිල්වා පිතිකාරිණියන් මෙම ක්‍රීඩිකාවන් 16 අතරට ඇතුළත් වද්දී ඕෂධී රණසිංහ, ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝදනී පන්දු […]
ඇමෙරිකාවේ තණතීරුවල පිතිකරුවන්ට පහරදෙන්න අමාරුයි – නුවන් තුෂාර
අමෙරිකාවේ තණතිලිවල පිතිකරුවන්ට පහරදීමට අමාරු බවත්, බලාපොරොත්තු නොවන ආකාරයෙන් පන්දුව පහළින් එන අතර, ඇතැම් විට නොසිත පරිදි ඉපිලීමක් ඇතැයි ශ්‍රී ලංකා වේග පන්දු යවන නුවන් තුෂාර පැවැසීය. අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේදී අද (8) පැවැති ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී නුවන් තුෂාර මේ බව පැවැසීය.විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ […]
බංග්ලාදේශයට කඩුලු 2ක ජයත් සමග ශ්‍රී ලංකාවට අවසන් වටයට බලාපොරොත්තු අඩු වෙයි
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයට එක්වීමේ බලාපොරොත්තු පොදි බඳිමින් ‘ඩී’ කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයට එරෙහි තරගයේදී කඩුලු 2කින් පරාජයට පත්විය. අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවන් අද පෙරවරු 6.00ට ආරම්භවූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය මුලින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළ අතර, එහිදී ශ්‍රී […]
ශ්‍රී ලංකාව තීරණාත්මක තරගයක් අභියස – අපි සූදානමින් – කණ්ඩම්බි
පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයට පිවිසීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (08 වැනිදා පෙ.ව. 6.00 ට ඩලස් නුවර ග්‍රෑන්ඩ් ප්‍රේරි ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දෙරට අතර ඉතිහාසයේ විස්සයි-20 ජාත්‍යන්තර තරග 16 ක් පවත්වා ඇති අතර ඉන් අවස්ථා 11 කදී ජය වාර්තා කරමින් වැඩි […]
ශ්‍රී ලංකාවේ අසාර්ථක පිතිකරණයට හේතුව ගැන අයි.සී.සී.යෙන් පැහැදිළි කිරීමක්
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ප්‍රථමයෙන්ම දකුණු අප්‍රිකාවට එරෙහිව තරග වැදි ක්‍රීඩාංගණය වන නාසු කවුන්ටි ක්‍රීඩාංගණය නිසි ප්‍රමිතියකින් තොර බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පිළිගෙන ඇත. නිවේදනයක් නිකුත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මේ පිළිබඳව සදහන් කර තිබේ. මෙම ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 77 කට සීමා වූ අතර එය හඹා යෑමේදී දකුණු […]
කොදෙව් කාන්තා තරගාවලියට දින නියම වෙයි
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක් වෙනුවෙන් මෙරටට පැමිණීමට නියමිතය. තරගාවලියේ සියලු තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. දෙරට අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය එළඹෙන ජූනි මස 15 වනදා ආරම්භ වන අතර විස්සයි විස්ස තරගාවලිය ජුනි මස 24 වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලි කාලසටහනඑක්දින තරගාවලියපළමු තරගය – ජුනි […]
එක්දින සහ 20/20 තරගාවලිය සඳහා කොදෙව් ක්‍රීඩිකාවෝ දිවයිනට
මෙරට දී පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලි දෙකකට සහභාගී වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියා. එක්දින තරග 3කට සහ විස්සයි විස්ස තරග 3ක කාලසටහනකින් යුත් මෙම සංචාරයට එක් වූ කොදෙව් කාන්තා කණ්ඩායම විශේෂ පුහුණු සැසි කිහිපයකට ද සහභාගී වීමට නියමිතයි.
‘දඹුල්ල සික්සර්ස්‘ නමින් නව හිමිකරුවෙක්
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ක්‍රීඩා කරනු ලබන දඹුල්ල කණ්ඩායමට ප්‍රමුඛ පෙළේ සිවිල් ඉංජිනේරු උපදේශන සමාගමක් ඉදිරිපත්ව තිබේ. කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හි පිහිටි Sequoia Consultants, Inc සමාගම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායමේ අනාගතය භාරගැනීමට ඉදිරිපත්ව ඇති ආයතනය වේ. ඒ අනුව මහෙි සියලු කාර්යයන් මේ වෙනුවෙන් විශේෂයෙන්ම පිහිටුවා ඇති ද සිල්වා හෝල්ඩිංග්ස් යටතේ […]
Dambulla gets a new owner and will be named ‘Dambulla Sixers’.
Sequoia Consultants, Inc., a leading civil engineering consulting firm based in Los Angeles, California, has come forward to take over the future of the LPL team, Dambulla. The team will be operated under DeSilva Holdings, specifically setup for this purpose. The majority stake in Sequoia Consultants is owned by Mr. Priyanga De Silva, a Chartered […]
ශ්‍රී ලංකා ක්‍රිකට් පන්දු යවන්නන් පුහුණු කිරීමට ඇකඩමි අරඹයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වේග පන්දු යවන්නන් හා දඟ පන්දු යවන්නන් පුහුණු කිරීම උදෙසා පන්දු යැවීමේ පුහුණු විද්‍යායතනයක් (ඇකඩමි) ආරම්භ කිරීමට පියවර ගන්නා ලදී. මෙම වේග පන්දු යවන්නන් හා දඟ පන්දු යවන්නන් පුහුණු කිරීමේ ඇකඩමි ඉහළ ප්‍රමිතියෙන් යුතුව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු යොදා ඇත. වේග සහ දඟ පන්දු යැවීම කෙරෙහි අවධානය යොමු […]
ආරම්භය හොඳ නැති වුණත් ඉදිරි තරග ජය ගන්නවා – වනිඳු
දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර් 19.1කදී ලකුණු 77කට දැවී ගිය අතර, දකුණු අප්‍රිකානු පිල ඕවර 16.2කදී කඩුලු 4 ක් පමණක් දැවී ජයග්‍රහණය […]
බාධක මධ්‍යයේ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු තරගයට
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය හෙට දිනයේදී පැවැත්වීමට නියමිතයි. ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිවයි. නමුත් මෙම තරගය සදහා සූදානම් වීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ගැටලුකාරී තත්වයක් උද්ගතවී තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු තරගය වෙනුවෙන් සූදානම් වීම සදහා අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු සැසිය අවලංගු කිරීමට සිදු වී […]