Category: Sinhala

මුවර්ස් – බී.ආර්.සී. – නිගම්බු සහ එස්.එස්.සී, ජය වාර්තා කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (13) පැවැති තරග හතරකදී මුවර්ස්, බී.ආර්.සී., නිගම්බු සහ එස්.එස්.සී. කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ. මේ තරග හතර පැවැතියේ පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ සහ මෙට්ලන්ඩ් පෙදෙසේ එන්.සී.සී. ක්‍රීඩාංගණ දෙකේදීය. පනාගොඩදී පැවැති බී.ආර්.සී. – චිලව් මේරියන්ස් තරගයේදී චිලව් මේරියන්ස් රැස් කළ ලකුණු 129 (ඕවර 20කදී) […]

වනුජ සහන් ඇෆ්ගන් බලාපොරොත්තු සුණු විසුණු කරයි

සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 435ට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තාන ‘ඒ’ ක්‍රීඩකයෝ පළමු ඉනිම ලකුණු 198කට සීමාවූ හෙයින් ඔවුන්ට යළි දෙවැනි ඉනිම ආරම්භ කිරීමට සිදු විය. ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු ඉනිමේ […]

තුන්වැනි දඟ පන්දු යවන්නා වෙන්න හොඳම කෙනා වෙල්ලාලගේ – උපුල් තරංග

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රියාත්මක ඇමරිකානු සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි තණතීරු තරමක් මන්දගාමී වනු ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් ඇතැම් අවස්ථාවන්හිදී දඟ පන්දු යවන්නන් තිදෙනකු ක්‍රීඩා කරවීමට සිදුවුවහොත් එම අවස්ථාව දුනිත් වෙල්ලාලගේ වෙත ලබා දීමේ අරමුණින් ඔහුව ලෝක කුසලාන තරගාවලිය සදහා වන කණ්ඩායමට නම් කිරීමට කටයුතු යෙදූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු […]

ඉසිතගේ පන්දු යැවීම බ්ලූම්ෆීල්ඩ් පිලට ජය ගෙනෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක අන්තර් ක්‍රීඩා සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනයේදී සෑම තරගයකට වර්ෂාවෙන් බාධා එල්ල වූ නමුත් බ්ලූම්ෆීල්ඩ් සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය පමණක් ප්‍රතිඵලයක් ගෙන දුන් තරගය බවට පත්විය. සමාරම්භක දිනයේදී තරග 4 ක් පැවැති නමුත්, බ්ලූම්ෆීල්ඩ් පිල විසින් කැන්ඩි කස්ටම්ස් පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කර ගත්තා හැරුණු […]

ශ්‍රී ලංකා ‘ඒ‘ පළමු ඉනිම 435 න් නවතියි

සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 435ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දෙවැනි දින තරගය නතරකරද්දී කඩුලු 1කට ලකුණු 18ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා පිල […]

ලෝක කුසලානෙට යන ශ්‍රී ලංකා පිලේ නිල ජර්සිය එළිදැක්වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරුවන Moose Clothing සමාගම එළැඹෙන විස්සයි 20 ලෝක කුසලානය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නිල ටීෂර්ටය (ජර්සිය) එළැදැක්වීම ඊයේ සිදු කෙරුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු ගෞරවනීය සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් ජා ඇළ පිහිටි Moose Clothing සමාගම් පරිශ්‍රයේදී මෙම එළිදැක්වීම සිදුකෙරුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, Moose […]

සොනාල් දිනූෂගෙන් ශතකයක්

සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 327ක් පළමු දිනයේ වාර්තා කිරීමට සමත් විය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සොනාල් දිනූෂ නොදැවී ලකුණු 126ක් ලබා දස්කම් දැක්වූ හෙයින් ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ වෙහෙසට පත්ව සිටි අයුරු දක්නට […]

දසුන් සහ බිනුරගේ දක්ෂතා නිසා රෙඩ්ස් පිලට ජය

ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දිනවල මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සංවිධානය කරන ක්‍රිකට් තරගාවලියේ මැයි 08 වැනිදා පැවැති රෙඩ් සහ යෙලෝ කණ්ඩායම් අතර තරගයේදී එස්.එල්.සී. රෙඩ්ස් කණ්ඩායමේ දසුන් ශානක (ලකුණු 63) සහ බිනුර ප්‍රනාන්දු (22/3යි) දැක් වූ විශේෂ දක්ෂතා මත රෙඩ්ස් කණ්ඩායමට ලකුණු 40ක ජයක් අත්විය. එස්.එල්.සී. […]

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරියෝ වෙති

කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් අබුඩාබි නුවරදී පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරියන් බවට පත්වීමට චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවෝ සමත්වූහ. අදාළ අවසන් මහ තරගයේදී ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 68 ක පරාජයකට ඇද දමමින් ශ්‍රී ලංකා කාන්තා පිල මෙම සුවිශේෂී ජයග්‍රහණය අත්කර ගත්හ. මෙම ජයග්‍රහණයත් සමඟ මෙම මස ඔක්තෝම්ර් […]

ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුව 100% කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.ටෙස්ට් ක්‍රීඩකයින් දිරිගැන්වීම සහ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පුමුඛත්වය ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. නව තරග ගාස්තු අනුව එක් ක්‍රීඩකයෙකුට ටෙස්ට් තරඟයකින් අමෙරිකානු ඩොලර් 15,000කට ආසන්න මුදලක් හිමිවන බවද සදහන්. (ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 44ක්)

ආසියාව ජයගත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් 30,000ක්!

ශ්‍රී ලංකාවේ පැවැ­ති පළමු කොටසේ ආසි­යා­තික රග්බි ශූර­තා­ව­ලිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබීය.ඒ කසකස්ථානය පරාජය කරමිනි.මෙවන් ජයග්‍රහණයක් ශ්‍රීලංකාව ලබා ගත්තේ වසර එකොලහට පසුව වීම විශේෂත්වයකි.ජයග්‍රාහී ශ්‍රීලංකා රග්බි කණ්ඩායමට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය මගින් ඩොලර් 30,000ක් පරිත්‍යාග කරනු ලැබීය සුයොරු ඇන්ත­නීගේ නාය­ක­ත්ව­යෙන් තරග වැදි ශ්‍රී ලංකා කණ්ඩා­යමේ උප­නා­ය­කයා ලෙස තරින්ද රත්වත්ත කට­යුතු කළ අතර, සනත් මාටිස් […]

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක ජයක් ලැබීය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ වන විට මෙම තරගාවලියේදී සහභාගි වූ තරග තුනම ජයගෙන දැනටමත් අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලබා සිටී. ශ්‍රී ලංකා සහ උගන්ඩා […]

Back To Top