14 වන ලෝක කායවර්ධන හා පිසික් තරගාවලිය පසුගිය නොවැම්බර් මස 06වන දා සිට 12වන දා දක්වා දකුණු කොරියාවේ වොන්ජු හීදී පැවැත්විණි. කොරියාවෙහි ලෝක කායවර්ධන සහ පිසික් ක්‍රීඩා සම්මේලනය හා ආසියානු කායවර්ධන සහ පිසික් ක්‍රීඩා සම්මේලනය එක්ව සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ලෝක කායවර්ධන සහ පිසික් ක්‍රීඩා සම්මේලනය නියෝජනය කරමින් ක්‍රීඩකයින් සිව්දෙනෙකු සහ නිළධාරීන් […]
යොවුන් ලෝක කුසලාන සත්කාරකත්වයට කුමක් සිදුවේවිද ?
ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් නොකළහොත් ජනවාරි සහ පෙබරවාරි මාසවලදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය මෙරටට අහිමි විය හැකි බවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා අනතුරු අඟවා ඇත. පසුගිය ජූලි මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමට ICCයට අවශ්‍ය වූ නමුත් තමා එය වැළැක්වූ බව ද ඔහු පවසා ඇත. කෙසේ […]
ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරගාවලියක් කොළඹදී
ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය හා ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ හී අනුබද්ධිත ආයතනයක් වන ටයිකොන්ඩෝ මානුෂවාදී පදනමේ (Taekwondo Humanitarian Foundation – THF) හී ආසියානු කලාප ශාඛාව සමග ඒකාබද්ධව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර තරගාවලියක් එළඹෙන දෙසැම්බර් මස 7, 8 දිනයන්හි කොළඹ දී පැවැත්වීමට නියමිතය. මේ පිළිබඳව මූලික එකගතාවය සඳහා වන අවබෝධතා ගිවිසුම සඳහා පසුගිය දින ටයිකොන්ඩෝ මානුෂිකවාදී පදනමේ […]
ශ්‍රී ලංකාව ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවතට
2025 වසරේ පාකිස්තානයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. ඒ මෙවර ලෝක කුසලාන තරගාවලියේ 9 වැන්නා ලෙසින් තරගාවලිය අවසන් කිරීමට සිදුවීම හේතුවෙනි. අද දිනයේදී පැවැත්වෙන බංග්ලාදේශ ඕස්ට්‍රේලියා තරගයේදී බංග්ලාදේශය ලකුණු 306ක් රැස්කළ අතර මෙම තරගය පරාජයට පත් වුවද ඔවුන්ගේ දළ ලකුණු වේගය ශ්‍රී ලංකා කණ්ඩායමේ දළ ලකුණු වේගය ඉක්මවා ගොස් […]
ගුවන් හමුදා විවෘත ස්කොෂ් ශූරතාවය රවිදු ලක්සිරි හා චනිත්මා සිනාලි දිනාගනී.
15 වැනි වරට පැවති ගුවන් හමුදා විවෘත ස්කොෂ් තරඟාවලිය නොවැම්බර් 4 සිට 10 දක්වා පැවැත්විණි. තරගාවලිය වෙනුවෙන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් තරග වැදුණි. මෙවර තරගාවලියේ පිරිමි විවෘත ඉඉසව්වේ ශූරයා බවට පත් වූයේ 10 වතාවක් ජාතික ශූරතාවය දිනූ රවිඳු ලක්සිරි ක්‍රීඩකයායි. ඉන්දීය ගුවන් හමුදාවේ සන්දීප් ජන්ග්‍රා එම ඉසව්වේ අනුශූරතාව දිනාගත් අතර ඔහුගේ බාල සොහොයුරා වන නවීන් […]
මැතිව්ස්ගේ දැවීයාම පිළිබඳව MCC යෙන් කරුණු පැහැදිලි කිරීමක්
ක්‍රිකට් නීති සම්පාදකයින් වන MCCය විසින්, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පළමු වරට Timed Out ආකාරයට දැවී ගිය මැතිවුස්ගේ දැවීයාම පිළිබඳ සම්පූර්ණ විග්‍රහයක් නිකුත් කර ඇත. මැතිව්ස්ගේ දැවීයාමට විනිසුරුවරුන් ගත් තීරණය නිවැරදි බවත්, ඔහුගේ හිස් ආවරණයේ පටිය කැඩී ගිය පසුව එය දැවීයාමක් බවට පත් නොවීමට මැතිව්ස් ගැනීමට ක්‍රියාමාර්ග තිබූ බවත් MCCය සදහන් කොට ඇත. MCC යේ ප්‍රකාශයෙන් […]
පාසල් රග්බි පිටියේ පෙරලිකාරයන් දෙදෙනෙකු හැව්ලොක් ක්‍රීඩා සමාජයට
එළඹෙන දෙසැම්බර් මස පළමුවනදා ආරම්භ වීමට නියමිත අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය වෙනුවෙන් හැව්ලොක් ක්‍රීඩා සමාජය සුවිශේෂී පාසල් ක්‍රීඩකයින් දෙදෙනෙකු සිය කණ්ඩායමට එක් කොටගෙන ඇත. ඒ අනුව සුදේශ් ජයවික්‍රම සහ ජයතු රාජරත්න මෙවර තරගවාරය වෙනුවෙන් හැව්ලොක් ක්‍රීඩා සමාජය නියෝජනය කිරීමට සූදානමින් පසුවෙයි. ශාන්ත පීතර විදුහල් රග්බි කණ්ඩායමේ හිටපු නායකයකු වන සුදේශ් ජයවික්‍රම පසුගියදා නිමාවූ ඩයලොග් […]
ශ්‍රී ලංකාව නැවත ඉහළට පැමිණේවි – හර්ෂා බෝග්ලේ
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව ලත් පසුබෑම පිළිබඳ ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක හර්ෂ බොග්ලේ විසින් ට්විටර් සටහනක් තබා තිබෙනවා. ” ශ්‍රී ලංකාවට පිළිතුරු සැපයීමට බොහෝ ප්‍රශ්න තිබෙනවා. නිශ්ශංක, මෙන්ඩිස්, සමරවික්‍රම, අසලංක, මධුශංක, සහ තීක්ෂණ වැනි දක්ෂ ක්‍රීඩකයින් කණ්ඩායමේ සිටියදී මෙලෙස දක්ෂතා අතරට නොපැමිණෙන්නේ කොහොමද? බාහිරින් බලා සිටින්නෙකු ලෙස මෙය මම දකින […]
ඇලන් ඩොනල්ඩ් බංගලාදේශ වේගපන්දු පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි.
බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු වශයෙන් කටයුතු කරන ඇලන් ඩොනල්ඩ් එළඹෙන 11වන දා පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියා බංගලාදේශ තරගයෙන් පසු සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට සූදානමින් සිටියි. පසුගිය බ්‍රහස්පතින්දා පූනේහි පැවති කණ්ඩායම් රැස්වීමක් අතරතුර ඔහු විසින් තමන් ගත් මෙම තීරණය පිළිබඳව දන්වා සිටි බව බංගලාදේශ ක්‍රිකට් පාලන මණ්ඩල ප්‍රධානියෙකු විසින් පැවසීය. 2022 විස්සයි විස්ස ලෝක […]
ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ICCය තීරණය කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතට ICC තහනමක් පනවා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසුරුවා හැර අතුරු පාලක කමිටුවක් පසුගියදා පත් කළ අතර එම තීන්දුව වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කොට තිබුණි. මෙවන් පසුබිමක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට තාවකාලිකව තහනමක් පනවා වන්නට ICCය තීරණය කොට ඇත ඒ අනුව ICC හි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක […]
ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ තවත් පුරාවෘත්තයක් ICC Hall of Fame ලයිස්තුවට
ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයන් උදෙසා පිරිනැමෙන ICC Hall of Fame සම්මානය වෙනුවෙන් ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු අරවින්ද සිල්වා ඇතුළත් කොට ඇත. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ ICC Hall of Fame සම්මානය වෙනුවෙන් නම් කළ සිව්වන ක්‍රීඩකයා බවට පත් වන්නට අරවින්ද සිල්වාට හැකිවිය. අරවින්ද සිල්වා ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ටතම පිතිකරුවෙකු ලෙසින් නම් දරා සිටින […]
අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරුණු පහදයි
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරුණු පැහැදිලි කිරීමක් සිදු කොට ඇත. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කොට ඇත්තේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විදුලි පහන් ආදේශ කිරීමේ ක්‍රියාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බිලියන 1.5ක මුදලක් එනම් මිලියන 1500ක මුදලක් වියදම් […]

