Tag: Sri Lanka Cricket

මතීෂ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

දකුණු උරහිසේ ආබාධයට ලක්ව සිටින වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කොට තිබෙනවා. ඔහුව ශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කරන ලෙස කණ්ඩායම් කළමණාකාරීත්වය ලෝක කුසලාන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලීමක් සිදු කළ අතර ඊට අනුමැතිය හිමි වීමත් සමග මතීෂ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කෙරිණි. ඒ අනුව මතීෂ පතිරණ අද රාත්‍රියේ දී මෙරටට පැමිණීමට නියමිතය. මතීෂ […]

පුලිදු පෙරේරාගේ විශිෂ්ට ශතකය ශ්‍රී ලංකා යොවුන් පිළට ජය කැන්දයි

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පළමු එක්දින තරගය අද පැවැත්විණි. කරච්චි හිදී පැවති තරගයේ කාසිය වාසිය පරාජයට පත් වුවද පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි විය. ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දු 49 එක් පන්දුවකදී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 309ක් රැස්කිරීමට සමත් […]

පවන් රත්නායකගේ ප්‍රහාරාත්මක ඉනීම නැගී එන පිළට පහසු ජයක් උරුම කරයි

බංග්ලාදේශ නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර තෙවන එක්දින තරගය අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාසිය වාසිය දිනූ අහන් වික්‍රමසිංහ පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසෙන බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට පන්දුවාර 47ක් අවසානයේ සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 223ක් පමණයි බංග්ලාදේශය වෙනුවෙන් ශහදත් හුසේන් […]

නැම්බියාවට පෙරලිකාර ජයක්…

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග අද ආරම්භ වුණා. ශ්‍රී ලංකාව සහ නැම්බියාව අතර තරගය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාවේ ජීලෝන් හිදී. කාසියේ වාසිය ජයගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. නැමීබියා කණ්ඩායමේ පළමු කඩුලු 3 දැවී ගියේ ලකුණු 35 කට. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ජෑන් ෆ්‍රයිලින්ක් පන්දු 28කදී ලකුණු 44 […]

NSL තරගාවලියට කණ්ඩායම් නම් කෙරෙයි

[vc_row][vc_column][vc_column_text]මෙම මස 24 වැනිදා ආරම්භ වීමට නියමිත නැෂනල් සුපර් ලීග් හෙවත් එන්.එස්.එල්. 2022 තරගාවලිය සඳහා තරග වැදීමට නියමිත කණ්ඩායම් කවුරුන්ද යන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අදාළ කණ්ඩායම් 5 මෙහෙයවීමේ වගකීම එක්දින නායක දසුන් ශානක, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා සහ අශාන් ප්‍රියන්ජන් වෙත භාර දී තිබේ. නම් කරන ලද කණ්ඩායම් සියල්ලටම ජාතික සංචිතයේ […]

වාර්තාගත ජයකින් ශ්‍රී ලංකාව තරගාවලිය අරඹයි

[vc_row][vc_column][vc_column_text]ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාගෙන් තිදෙනකුම අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වීම නිසා පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී මෙතෙක් කණ්ඩායමක් හඹා ගිය ඉහළම ඉලක්කයේ වාර්තාව බවට පත්වූ ලකුණු 297 ක ඉලක්කය පන්දු 9 ක් සහ කඩුලු 5 ක් ඉතිරිව තිබියදී සපුරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (16 දා) හැකියාව ලැබිණ. 2023 ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුස්සන් බවට පත්වීමේ අරමුණ කරා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එම ප්‍රසාද ලකුණු මල්ලට […]

Back To Top