බංගලි කතුන් අසරණ කළ සිංහ ධේනුවන්!

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය අද Sylhetහීදී ආරම්භ උනා.පළමු තරගයෙන්ම සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින් ලකුණු 25ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (අප්‍රේල් 28) සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායිකා සුල්තානා ජෝති මුලින්ම පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කරා.පන්දුවාර 20ට ලකුණු 161ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

එහිදී හර්ෂිතා සමරවික්‍රම සහ ඉමේෂා දුලානි කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුණා.ලකුණු 67කට කඩුලු 2ක් දැවී ගොස් තිබුණ ශ්‍රී ලංකා ඉනිම ඔවුන් දෙදෙනාගේ ලකුණු 80ක සබදතාවය නිසා තරගකාරී සහ ස්ථාවර ලකුණු පුවරුවක් කරා ගෙන ගියා.හර්ෂිතා සමරවික්‍රම පන්දු 35කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 61ක් රැස් කිරීමට සමත් වූ අතර ඉමේෂා දුලානි පන්දු 40කදී හතරේ පහර 7ක් සමගින් ලකුණු 55ක් රැස් කරා.

ලකුණු 162ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම මුල් පන්දුවාර තුන තුළදී ලකුණු 33ක් රැස් කරමින් හොද ආරම්භයක් ලබා ගත්තද චමරි අතපත්තු අවසන් කළ එම සබදතාවයෙන් පසු බංග්ලාදේශ ඉනිමේ බිද වැටීම ආරම්භ උනා.අවසානයේදී බංග්ලාදේශ ඉනිම ලකුණු 136කට සීමා වූ අතර විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ශෝර්නා අක්තර් පන්දු 45කින් ලකුණු 60ක් රැස් කරා.

ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය සමග බංග්ලාදේශයේදී විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කළේ වසර 4කට පසුව වන අතර ද්වීපාර්ශ්වික විස්සයි විස්ස තරගාවලියක් සදහා බංග්ලාදේශයේ සංචාරයක නිරත වූ පළමු අවස්ථාවද මෙයයි.මෙම තරගාවලියේ දෙවෙනි විස්සයි විස්ස තරගය අප්‍රේල් 30වෙනිදා Sylhetහීදීම පැවැත්වීමට නියමිතයි.

තරගයේ ලකුණු සටහන

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 161යි.

හර්ෂිතා සමරවික්‍රම 61,ඉමේෂා දුලානි 55,චමරි අතපත්තු 33යි
සුල්තානා කටූන් 29/2,නහීඩා අක්තර් 26/1,මරූෆා අක්තර් 37/1

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 20කදී කඩුලු 7කට ලකුණු 136යි.

ශෝර්නා අක්තර් 60,ඩිලාරා අක්තර් 23
චමරි අතපත්තු 19/2,මල්කි මදාරා 31/2,මිතලි අයෝධ්‍යා 34/2

Back To Top