පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් කල් දැමුණු Major Club විස්සයි විස්ස තරගාවලිය මැයි මස 23වෙනිදා සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
මැයි මස 13වෙනිදා සිට මැයි 31වෙනිදා දක්වා මෙම තරගාවලිය පැවැත්වීමට කලින් තීරණය කර තිබුණු අතර නව කාලසටහන අනුව මැයි 23වෙනිදා සිට ජුනි 5වෙනිදා දක්වා තරග පැවැත්වීමට නියමිතයි.
පෙර කාලසටහනේ කණ්ඩායමකට එක් තරගයකට පසු එක් විවේකි දිනයක් අඩංගු වී තිබූ අතර නව කාලසටහන අනුව කණ්ඩායමක් තරග තුනක් ක්‍රීඩා කළ පසු විවේකි දිනයක් හිමිවේ.
කාණ්ඩ දෙකක් යටතේ මෙම තරගාවලියේ මූලික වටයේ තරග මැයි 31දක්වා පැවැත්වේ.
අවසන් මහා තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන අතර ජුනි 6වෙනි දින අතිරේක දිනයක් ලෙසද නම් කර තිබෙනවා.

