ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට!

​පාකිස්තාන-බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලිය නිමාවීමත් සමඟම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අද (මැයි 20) නිකුත් කළ නිල ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එක් ස්ථානයකින් ඉහළට පැමිණෙමින් ලොව 6 වන ස්ථානය හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා

6වෙනි ස්ථානයේ සිටි පාකිස්තාන කණ්ඩායම බංග්ලාදේශය හමුවේ ලද පරාජය සමග ස්ථාන 2කින්ම පසුබසිමින් 8වන ස්ථානයට පත්ව ඇති අතර බංග්ලාදේශ කණ්ඩායම 7වෙනි ස්ථානයට පත්වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම 6වෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

Back To Top