නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැන්න අප්‍රේල් 06 දා ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය මෙවරත් අප්‍රේල් මස 06 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ. පස්වැනි වතාවටත් පැවැත්වෙන මෙවර තරගාවලිය මැයි මස 07 වැනිදා පැවැත්වීමට නියමිතය.

දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක පිහිටා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ආශ්‍රිතව මෙම තරගාවලියේ සියලුම තරග පැවැත්වෙනු ඇත.

ගාල්ල, මහනුවර, කොළඹ සහ දඹුල්ල යන කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය ශ්‍රී ලංකාවේ ඇති ජාත්‍යන්තර ක්‍රීඩාංගණ 3 කදී පැවැත්වෙන ඇත. හම්බන්තොට මහින්ද රාජපක්ෂ, රංගිරි දඹුල්ල සහ කොළඹ ආර්. ප්‍රේමදාස යන ක්‍රීඩාංගණ කේන්ද්‍ර කර ගනිමින් මෙවර තරගාවලිය පැවැත්වෙනු  ඇත.

දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට වැදගත් වේදිකාවක් සැපයෙන මෙම තරගාවලිය අවසන් මහ තරගයද ඇතුළුව සමස්ථ තරග 7 ක් පැවැත්වෙනු ඇත. අවසන් මහ තරගය මැයි මස 04 වැනිදා සිට 07 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

අවසන් වතාවට පැවැති නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට ගාල්ල කණ්ඩායම සමත්විය. ඔවුන් අවසන් වතාවට පැවැති වසර දෙකේදීම එම ශූරතා කුසලාන දිනා ගැනීම කැපී පෙනෙයි.

දිනය සත්කාරක ආගන්තුක ක්‍රීඩාංගණය
අප්‍රේල් 06-09 ගාල්ල මහනුවර රංගිරි දඹුල්ල
දඹුල්ල කොළඹ ආර්. ප්‍රේමදාස
අප්‍රේල් 19-22 කොළඹ මහනුවර රංගිරි දඹුල්ල
දඹුල්ල ගාල්ල ආර්. ප්‍රේමදාස
අප්‍රේල් 25-28 මහනුවර දඹුල්ල හම්බන්තොට
ගාල්ල කොළඹ රංගිරි දඹුල්ල
මැයි 04-07 අවසන් මහ තරගය ආර්. ප්‍රේමදාස
Back To Top