ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත්තේ ජාතික කාන්තා කණ්ඩායම අප්‍රේල් සහ මැයි මාසවලදී බංග්ලාදේශයේ සංචාරය කර ද්විපාර්ශ්වික තරගාවලියකට සහභාගී වන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයකට අනුව, සංචාරය අතරතුර කණ්ඩායම එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග තුනක් ක්‍රීඩා කරනු ඇත.

තරඟ පිළිවෙලින් රාජ්ෂාහි සහ සිල්හෙට් හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2026 අප්‍රේල් 17 වන දින බංග්ලාදේශයට යනු ඇත.

 

 

Back To Top