Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
මෙන්ඩිස් – දිනූෂ – රත්නායක අර්ධ ශතක රැස් කරත් පාකිස්තානය ජයග්‍රහණයේ අභිමුවට
44 වැනි වියේදීත් පිත්තෙන් දස්කම් පාන සම්පත්ගෙන් නොදැවී ලකුණු 169ක්
අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 26දා ඇරඹේ
පාකිස්තාන පන්දු යවන්නන්ට ගෞරවය හිමිවිය යුතුයි – සොනාල් දිනූෂ
හීනටිගලගේ පන්දු යැවීමෙන් ඇෆ්ගනිස්ථානය මෙල්ල කළ ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ජයග්‍රාහී ආරම්භයක්
අයි.සී.සී. තරගාවලි සත්කාරකත්වය සම්බන්ධ ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පැහැදිලි කරයි
දශකයක බලාපොරොත්තුව යළිත් ජීවමාන කළ ළහිරු කුමාර
රුමේෂ් තරංග වෙනුවෙන් ස්වීඩනයෙන් ගෙන් වූ හෙල්ල කට්ටලය ඔහු වෙත භාරදෙයි!
නැගී එන තරු කිරුළේ බලාපොරොත්තු කරපින්නාගත් පවන්ගේ කණ්ඩායම කටාර් යයි

පාකිස්තාන පන්දු යවන්නන්ට ගෞරවය හිමිවිය යුතුයි – සොනාල් දිනූෂ

පළමු ඉනිමේදී ලකුණු 98කට දැවී ගොස් දැඩි පසුබෑමකට ලක්ව සිටියද, දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරුවන් නැවතත් සටනට පිවිසි ආකාරය පිළිබඳව තමන් බෙහෙවින් සතුටට පත්වන බව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක සොනාල් දිනූෂ පවසයි.

පාකිස්තානයට එරෙහිව රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් දිනූෂ සඳහන් කළේ, තරගය තවමත් විවෘත මට්ටමක පවතින බැවින් හැකි උපරිම ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන අරමුණ වී ඇති බවයි.

“අද දවස අපට ඉතාමත් තීරණාත්මක දවසක් වුණා. පළමු ඉනිමේදී අපි පසුබෑමකට ලක්වුණත්, දෙවැනි ඉනිමේදී අපේ ක්‍රීඩකයන් නැවතත් සටනට පිවිසි ආකාරය ගැන මම ගොඩක් සතුටු වෙනවා. කෙසේ වෙතත්, අපි තවමත් ලකුණු 80ක පමණ ඉදිරියෙන් සිටින්නේ. ඒ නිසා තරගය තවමත් අවසන් නැහැ,” යැයි ඔහු පැවසීය.

දෙවැනි ඉනිමේදී පිතිකරුවන්ට සාර්ථක වීම පහසු නොවූ බව පෙන්වා දුන් දිනූෂ, පාකිස්තාන පන්දු යවන්නන්ගේ දක්ෂතා ද ඇගයීමට ලක් කළේය.

“ඇත්තටම එය පහසු වුණේ නැහැ. අපිට ගොඩක් ඉවසීමෙන් ක්‍රීඩා කරන්න සිදුවුණා. ඔවුන් ඉතා හොඳින් පන්දු යැව්වා. ඒ නිසා අපිත් ඉවසීමෙන් පන්දුවට මුහුණ දුන්නා. විශේෂයෙන්ම පළමු ඉනිමේදී ඔවුන් ඉතා හොඳින් පන්දු යැව්වා. ඒ වෙනුවෙන් ගෞරවය පාකිස්තාන පන්දු යවන්නන්ට හිමිවිය යුතුයි. ඒ නිසා අපි යම් අපහසුතාවකට පත්වුණා. නමුත් දෙවැනි ඉනිමේදී අපේ ක්‍රීඩකයන් නැවතත් සටනට පිවිසි ආකාරය ගැන මම සතුටු වෙනවා.”

ශ්‍රී ලංකාව හෙට දිනයේදී පාකිස්තානයට ලබාදිය යුතු ඉලක්කය පිළිබඳව නිශ්චිත සංඛ්‍යාවක් සඳහන් කළ නොහැකි බවද ඔහු පැවසීය. ඒ වෙනුවට හැකි තරම් ලකුණු රැස්කර ගැනීම කණ්ඩායමේ අපේක්ෂාව බව ඔහුගේ අදහස විය.

“අපි කොපමණ ලකුණු ඉලක්කයක් ලබාදිය යුතුද කියන එක ගැන දැනට නිශ්චිත අදහසක් නැහැ. නමුත් අපට පුළුවන් තරම් ලකුණු රැස්කර ගැනීමට හැකි වුණොත් එය කණ්ඩායමට විශාල වාසියක් වේවි. අද දිනයේදී ලබාගත් සියලුම අර්ධ ශතක කණ්ඩායමට ඉතාමත් වැදගත් වුණා. හැමෝම තමන්ගේ උපරිමයෙන් සටන් කළා,” යැයි දිනූෂ වැඩිදුරටත් සඳහන් කළේය.

තරගයේ කාසියේ වාසිය ද තීරණාත්මක සාධකයක් වූයේද යන්න පිළිබඳව අදහස් දැක්වූ ඔහු කියා සිටියේ, ඒ පිළිබඳව නිශ්චිතව යමක් පැවසිය නොහැකි වුවද, එය ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 98කට සීමා වීමට යම් බලපෑමක් කරන්නට ඇති බවයි.

මේ අතර, සිවුවැනි දිනයේ උදෑසන තවත් ලකුණු කිහිපයක් එක්කර ගැනීමේ වැදගත්කම ද අවධාරණය කළ දිනූෂ, නොදැවී ලකුණු 60ක් ලබා සිටින මිලාන් රත්නායක කෙරෙහි ද විශ්වාසය පළ කළේය.

“හෙට උදෑසන තවත් ලකුණු කිහිපයක් ලබාගන්න පුළුවන් වුණොත් එය අපට හොඳයි. මිලාන් රත්නායක තවමත් කඩුල්ලේ රැඳී සිටිනවා. ඔහුට තවත් ලකුණු කිහිපයක් රැස්කර ගැනීමට හැකි වුණොත් එය අපට විශාල වාසියක් වේවි.”

තෙවැනි දිනය අවසානයේ ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 309ක් ලබා සිටි අතර, ඒ අනුව පාකිස්තානයට වඩා ලකුණු 82ක ඉදිරියක් ලබා සිටියේය. තරගයේ වැඩි වාසිය තවදුරටත් පාකිස්තානය සතුව පැවතියද, සිවුවැනි දිනයේදී ශ්‍රී ලංකා පසුපෙළ පිතිකරුවන්ට තවත් ලකුණු එක්කර ගැනීමට හැකි වුවහොත් තරගයේ තීරණය සඳහා යම් අභියෝගයක් එල්ල කිරීමට අවස්ථාවක් උදාවනු ඇත.

Back To Top