IPL තරගාවලියේ 50වෙනි තරගය ඊයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර එක්නා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.තරගයට වර්ෂාවෙන් බාධා වීමත් සමග තරගය ආරම්භ උනේ එක් ඉනිමක් පන්දුවාර 19කට සීමා කරමින්.
මුලින්ම පන්දුවට පහර දුන් ලක්නව් කණ්ඩායම ලකුණු 209ක් රැස් කිරීමට සමත් වුණා.ලක්නව් ඉනිමේ කැපී පෙනෙනම ඉනිම ක්‍රීඩා කරේ මිචෙල් මාර්ෂ්,17වෙනි පන්දුවාරය වෙනතුරුම කඩුල්ලේ රැදී සිටිමින් ඔහු පන්දු 56කින් ලකුණු 111ක් රැස් කරේ හතරේ පහර 9ක් සහ හයේ පහර 9ක් සමගින්.පන්දුවාර 19කදී ලකුණු 213ක ඉලක්කයක් හඹා ගිය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට කඩුලු 6ක් දැවී රැස් කරගත හැකිවූවේ ලකුණු 203ක් පමණයි.ලකුණු 9ක් තුළ කඩුලු 2ක් අහිමි වී තිබූ බැංගලෝර් ඉනිම නැවත ගොඩ නැගුවේ රාජත් පටීදාර් හා දෙව්දත් පඩික්කල් අතර ගොඩ නැගුණු ලකුණු 95ක සබදතාවය.
අවසන් පන්දුවාරයට ලකුණු 20ක ඉලක්කයක් හිමිව තිබුණත් බැංගලෝර් කණ්ඩායමට රැස් කරගත හැකි වූවේ ලකුණු 10ක් පමණයි.ඒ අනුව තරගය ලකුණු 9කින් ජයගැනීමට ලක්නව් කණ්ඩායම සමත් වූ අතර කෙසේවෙතත් ඔවුන් තවමත් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැදී සිටිනවා.
තරගයේ ලකුණු සටහන
ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 19කදී කඩුලු 3කට ලකුණු 209යි.
මිචෙල් මාර්ෂ් 111,නිකොලස් පූරන් 38,රිෂාබ් පාන්ට් නොදැවී 32
කෘනාල් පාණ්ඩ්‍යා 31/1,ජොෂ් හෙසල්වුඩ් 49/1,රාසික් සලාම් 53/1

