IPL තරගාවලියේ කුළුදුල් තරග වාරය ක්‍රියාත්මක වුණේ 2008 වසරේදී .ඒ සදහා KKR කණ්ඩායම එකතු වුණේ Sourav Ganguly ගේ නායකත්වය යටතේයි .John Buchanan කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.
නමුත් ,
අපේක්ෂා කල පරිදි තරගාවලිය තුළ ඉහළ දක්ෂතා දැක්වීමට ඔවුන් සමත් වුණේ නැහැ.එහි ප්‍රතිඵලයක් විදිහට කණ්ඩායමි අටක් අතරින් හය වන ස්ථානය දක්වා පසු බසිමින් තරග වාරය නිමා කිරීමට ඔවුන්ට සිදු වුණා .
සිදුවූ දේ පිලිබදව පුහුණුකරු Buchanan පසු විපරමක් කළා. ඒ අනුව KKR කණ්ඩායම ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳව කරුණු ගණනාවක් ඔහු මාධ්‍ය ඉදිරියේ තැබුවා .එය පහත පරිදි දක්වන්නට පුළුවන්.
1. විස්සයි විස්ස යනු වේගවත් තරග රටාවක්.
2. IPL යනු දීර්ඝ තරගාවලියක් .
3. එවැනි තත්ත්වයක් තුළ සම්පූර්ණ තරග වාරයක් සදහා කණ්ඩායමේ නායකත්වය එක් ක්‍රීඩකයෙකුට ලබා දීම එතරම් බුද්ධිමත් ක්‍රියාවක් නොවේ. ඒ තුළ එම ක්‍රීඩකයා විශාල පීඩනයකට ලක් වෙනවා.
4. නායකත්ව මණ්ඩලයක් පිළිබඳව අපි ඉදිරියේදී විශ්වාසය තැබිය යුතුයි.
5. එනම් එක් තරගයක් තුළ පන්දුවට පහර දෙන විට එක් නායකයෙක්, පන්දු රකින විට තවත් නායකයෙක් ලෙස නායකත්ව වගකීම කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර බෙදා දීමට අපිට පුළුවන්.
6. ඒ තුළ එක් නායකයකුට එල්ල වන පීඩනය සැලකිය යුතු ලෙස අවම වෙනවා.
7.නායකත්ව මණ්ඩලය තුල සිටිය යුතු ක්‍රීඩකයින් ලෙස ඔහු නම් කළේ Sourav Ganguly, Chris Gayle, Brendon McCullum සහ Brad Hodge.
මේ කාලය වනවිට නායක Ganguly සහ පුහුණුකරු Buchanan අතර සැලකිය යුතු මට්ටමේ මත ගැටුම් නිර්මාණය වී තිබුණා. ඒ නිසා බොහෝ විචාරකයින් මෙම යෝජනාවලිය දුටුවේ කණ්ඩායම තුළ Ganguly ගේ භූමිකාව සීමා කිරිම සදහා Buchanan විසින් දියත් කළ සැලසුමක කොටසක් ලෙසයි. දිගින් දිගටම එල්ල වූ විවේචන හමුවේ මෙම සංකල්පය ඉදිරියට ගෙන යාමට ඔහුට හැකි වුණේ නැහැ.
එහෙත්,
කණ්ඩායම තුළ වෙනස්කම් සිදු විය යුතු බවට ඔහු දිගින් දිගටම විශ්වාස කළා. ඒ අනුව ඔහුගේ මීළග යෝජනාව වුණේ 2009 තරග වාරය සදහා කණ්ඩායමේ නායකත්වයට Adam Hollioake පත් කිරීමයි. ඒ සදහා ඔහු කෙතරම් සුදුසුද යන්න ඔප්පු කිරීම සදහා Buchanan එක් උපක්‍රමයක් භාවිතා කළා. එනම් Queensland ප්‍රාන්තයේ පැවති විස්සයි විස්ස තරගාවලියක් සදහා KKR කණ්ඩායම එක් කර ගැනීමයි. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ගනනාවක් මීට සහභාගි වීම ප්‍රතික්ෂේප කළා. ඒ නිසා අවසානයේදී යොවුන් කණ්ඩායමක් සමඟින් සංචාරය ක්‍රියාත්මක වුණා.මෙම කණ්ඩායමේ නායකත්වය Hollioake වෙත ලබා දීමට Buchanan වගබලා ගත්තා.
නමුත්,
1. තරග හයක් තුළ KKR කණ්ඩායම ජය ගත්තේ එක් තරගයයි.
2. කණ්ඩායම් අටක් ක්‍රීඩා කල Queensland ප්‍රාන්ත විස්සයි විස්ස තරගාවලියේ KKR පිලට හිමි වුණේ හයවන ස්ථානයයී.
3.තරගාවලිය අතරතුරදී Hollioake ආබාධයකට ලක් වුණා. මේ නිසා KKR කණ්ඩායමට නායකත්වය ලබා දීම කෙසේ වෙතත් අවම වශයෙන් ක්‍රීඩකයෙක් ලෙස හෝ IPL තරගාවලිය නියෝජනය කිරීමට ඔහුට නොහැකි වුණා.
ඒ අනුව,
1. බහුවිධ නායකත්ව සංකල්පය. ( multiple captains policy. )
2. Adam Hollioake නායකත්වය සදහා පත් කිරීම යන Buchanan ගේ යෝජනා ද්විත්වයම අසාර්ථක වුණා. අවසානයේදී 2009 තරගාවලිය සදහා KKR පිලට නායකත්වය ලබා දීමේ අවස්ථාව ලැබුණේ Brendon McCullum හටයි. නමුත් ප්‍රසාද ලකුණු සටහනේ අවසාන ස්ථානයට තල්ලු වීම නිසා එය සැළකෙන්නේ KKR ඉතිහාසයේ දුෂ්කරම තරග වාරයක් ලෙසයි.


