2026 IPL තරගාවලියේ 11 වන තරගය පැවැත්වුණේ RCB කණ්ඩායම සහ CSK කණ්ඩායම අතරයි .Bangaluru හී Chinnaswamy පිටිය සත්කාරකත්වයෙන් දායක වූ තරගය වැඩි අපහසුවකින් තොරව,ලකුණු 43 කින් ජය ගැනීමට RCB කණ්ඩායමට පුළුවන් වුණා. ඒ වෙනුවෙන් පන්දුවෙන් කැපී පෙනෙන මෙහෙයක් Bhuvneshwar Kumar විසින් ඉටුකළේ ලකුණු 41 කට කඩුලු තුනක් බිඳ හෙළමින්. මෙම කඩුළු දඩයම අතරතුරේදී ලොව ප්‍රමුඛතම විස්සයි විස්ස තරගාවලියේ කඩුළු 200 ක් දවාගත් පලමු වේග පන්දු යවන්නා බවටත් Buvi පත් වුණා.
2011 වසරේදී මුලින්ම IPL තරග අත්දැකීමක් ලබා ගන්නා විට Bhuvneshwar යනු නව පන්දුව දෝලනය කරමින්, ඉහල පාලනයක් සහිතව ක්‍රියාත්මක වූ මද වේග පන්දු යවන්නෙක්. දත්ත පවසන ආකාරයට IPL තරගාවලියේ power play අවස්ථාව තුළ වැඩිම කඩුළු සංඛ්‍යාවකට උරුමකම් කියන පන්දු යවන්නා ඔහුයි.
Bhuvneshwar, IPL තරගාවලියේ power play අවස්ථාව තුළ,
කඩුළු- 81.
Economy rate – 6.5.
Dot ball percentage- 55.5%
විස්සයි විස්ස වැනි පිතිකරුවන්ට වැඩි වාසි සලසන තරග රටාවක් තුළ තර්ජනාත්මක පන්දු යවන්නෙක් ලෙස දිගටම රැඳී සිටීමට නම් හුදෙක් නව පන්දුවෙන් පමනක් දක්ෂතා දැක්වීම ප්‍රමාණවත් නොවන බව Buvi අවබෝධ කර ගත්තා. වේගය කවදත් ඔහුගේ ක්‍රීඩාවේ ශක්තියක් වුණේ නැහැ .ඒ නිසා වේගය අඩාල කළ පන්දුව , වේගය අඩාල කළ කෙටි පන්දුව, yorker පන්දුව , knuckle පන්දුව වැනි සංයෝජන වලින් තම පන්දු යැවීම සන්නද්ධ කර ගැනීමට ඔහු ක්‍රියා කළා. ඒ තුලින් සිදු වුණේ ඉනිමේ ඕනෑම අවස්ථාවක විශ්වාසය තැබිය හැකි ,වඩාත් පරිපූර්ණ පන්දු යවන්නෙක් බවට ඔහු පත් වීමයි. ඉනිමේ අග භාගයේ කඩුළු බිඳ හෙළීම සැලකීමේදී IPL තරගාවලිය තුළ ඔහු දෙවැනි වන්නේ Dwayne Bravo ට පමණයි .
IPL තරගාවලිය තුළ ඉනිමේ අවසන් භාගයේදී වැඩිම කඩුලු සහිත පන්දු යවන්නන්.
Dwayne Bravo- කඩුලු 102.
Bhuvneshwar Kumar- කඩුලු 94.
පන්දු යවන්නෙක් ලෙස ඔහුගේ හොඳම කාලය වෙන් වුණේ SRH කණ්ඩායමටයි. ඔවුන් සමඟින් ඔහු වසර 11 ක් රැඳී සිටියා. ( 2004 – 2014.)
2016 IPL ශුරතාවය දිනූ SRH කණ්ඩායමේත‍් , 2025 ශූරයන් වූ RCB කණ්ඩායමේත‍් සාමාජිකයෙක් වීම, 2017, 2018 වසර වලදී තරගාවලියේ වැඩිම කඩුළු ලාභියා වෙමින් දම් පැහැ කැපයට හිමිකම් කීම ඔහුගේ IPL දිවියේ සුවිශේෂී අවස්ථා ලෙස සැලකීමට පුළුවන්.


