ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක නවසීලන්ත A ක්‍රිකට් කණ්ඩායම අතර ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පැවැති දෙවෙනි සිව් දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 109කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම ඊයේ (අප්‍රේල් 26) සමත් වුණා.
මෙම තරගයේ සිව්වෙනි සහ අවසන් දිනය ආරම්භ වන විට නවසීලන්ත A කණ්ඩායමට ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 168ක් අවශ්‍ය වූ අතර ඔවුන් සතුව ඉතිරිව තිබුණේ කඩුලු 6ක් පමණයි.කෙසේවෙතත් ඔවුන්ට ලබා ගැනීමට හැකි වූවේ ලකුණු 59ක් පමණයි.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත A කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 305ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා A කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 518ක් ලබා ගත්තා.
ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 213ක් පිටුපසින් සිටිමින් දෙවෙනි ඉනිම ආරම්භ කළ නවසීලන්ත පිතිකරුවන් ඊයේ තරගය ආරම්භ කරන විට කඩුලු 4කට ලකුණු 45ක් ලබාගෙන සිටි අතර ඔවුන්ගේ ඉතිරි කඩුලු 6ත් ලකුණු 59ක් තුළ දවාගනිමින් නවසීලන්ත ඉනිම ලකුණු 104කට සීමා කිරීමට ශ්‍රී ලංකා A පන්දු යවන්නන් සමත් වුණා.
කඩුලු දවා ගැනීමේදී දිලුම් සුදීර ලකුණු 38කට කඩුලු 4ක් දවාගත්තා.ඒ අනුව ඔහු තරගය තුළ ලකුණු 145කට කඩුලු 10ක් දවා ගැනීමට සමත් වුණා.දිලුම් පළමු පෙළ තරගයක කඩුලු 10ක් හෝ ඊට වැඩියෙන් වාර්තා කරන ලද සිව් වැනි අවස්ථාව මෙයයි.
මීට අමතරව මොහොමඩ් ශිරාස් ලකුණු 27කට කඩුලු 2ක්, රමේෂ් මෙන්ඩිස් ලකුණු 33කට කඩුලු 2ක් සහ දුලාජ් සමුදිත එක් කඩුල්ලක් දවාගත්තා.
තරගයේ ලකුණු සටහන
නවසීලන්ත A කණ්ඩායමේ පළමු ඉනිම සියලුම දෙනා දැවී 305යි.
Matthew Boyle 102,Curtis Heaphy 59, Max Chu 27
දිලුම් සුදීර 107/6, රමේෂ් මෙන්ඩිස් 103/3
ශ්‍රී ලංකා A කණ්ඩායමේ පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 518යි.
කමිල් මිෂාර 174,ලහිරු උදාර 61,සොනාල් දිනූෂ නොදැවී 60,නිශාන් මදුශ්ක 57, නුවනිඳු ප්‍රනාන්දු 55
Dale Phillips 3/44,Michael Rae 35/2,Simon Keene 73/2
නවසීලන්ත A කණ්ඩායමේ දෙවෙනි ඉනිම ලකුණු 104 යි.
Max Chu 35, දිලුම් සුදීර 38/4,මොහොමඩ් ශිරාස් 27/2, රමේෂ් මෙන්ඩිස් 33/2.
ඒ අනුව ශ්‍රී ලංකා A කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 109ක ජයක් හිමිවුණා. තරගයේ වීරයා – දිලුම් සුදීර.

