2026 IPL තරගාවලියේ 38වෙනි තරගය ඊයේ පැවැත්වුණේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් අතර ලක්නව්හීදි.
තරගයේ ඉනිම් දෙකම අවසන් වුණේ ලකුණු 155 බැගින් කණ්ඩායම් දෙකම ලබාගෙන සම තත්වයේ තිබෙන විට.
මේ නිසාම මේ තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීමට සුපිරි පන්දුවාරයක් දක්වා තරගය ගමන් කරා.මෙවර IPL තරගාවලියේ සුපිරි පන්දුවාරයකට තරගයක් ගමන් කළ පළමු අවස්ථාව.සුපිරි පන්දුවාරයක් දක්වා මේ තරගය පැමිණියේ ලක්නව් ඉනිමේ අවසන් පන්දුවට මොහොමඩ් ශමී ත්‍යාගිට එරෙහිව එල්ල කළ හයේ පහරත් සමග,ඒ වෙද්දි ලක්නව් කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීමට ලකුණු 7ක් අවශ්‍යව තිබුණ නිසා ඒ හයේ පහරත් සමග තරගය සමතත්වයකට පැමිණුනා.
කොල්කටා කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දුවාරය ක්‍රියාත්මක කිරීමේ වගකීම සුනිල් නරේන් අතට පත්වුණා,එක් ලකුණකට නිකොලස් පූරන්ගේ සහ ඒයිඩ්න් මාක්‍රම්ගේ කඩුලු දෙක දවාගෙන පන්දු තුනක් ඉතිරිව තිබියදීම සුපිරි පන්දුවාරය අවසන් කර දීමට සුනිල් නරේන් සමත් වුණා.ලකුණු දෙකක ජයග්‍රාහී ඉලක්කය පළමු පන්දුවටම එල්ල කළ හතරේ පහරත් සමග සම්පූර්ණ කළ රිංකු සිංග් පහසුවෙන්ම කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියා.
මෙවර IPL තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලබාගත් දෙවෙනි තරග ජයග්‍රහණය මෙයයි.

