සමන්ත දොඩන්වලට නැවතත් LPL අධ්‍යක්ෂක ධූරයට!

ලංකා ප්‍රිමි­යර් ලීග් විස්සයි විස්සයි තර­ගා­වලි අධ්‍යක්ෂ ධූරයට නැවතත් සමන්ත දොඩ­න්වෙල පත් කිරී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් පරි­ව­ර්තන කමි­ටුව තීර්ණය කර තිබෙනවා.පසුගිය් අප්‍රේල් 29වෙනිදා ඉල්ලා අස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු විධා­යක කමිටුවේ සාමා­ජි­ක‍යකු වූ සමන්ත දොඩ­න්වෙල එම ඉල්ලා අස්වී­මත් සමඟ LPL තර­ගා­වලි අධ්‍යක්ෂ තන­තු­රින් ද ඉවත් වුණා.

2022 සිට ලංකා ප්‍රිමියර් ලීග් තර­ගා­වලි අධ්‍යක්ෂ ලෙස කට­යුතු කළ ඔහුගේ දැනුම සහ අත්දැකීම් මෙවරද ලබා ගැනී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් පරි­ව­ර්තන කමිටු සභා­පති ඉරාන් වික්‍ර­ම­රත්න මහතා ප්‍රමුඛ එම කමි­ටුව ගෙන ඇති තීර­ණය මතයි ඔහු නැවතත් එම ධූරයට පත්ව තිබෙන්නේ.

ලංකා ප්‍රීමි­යර් ලීග් විස්සයි20 තර­ගා­ව­ලිය දෙස් විදෙස් ක්‍රීඩ­ක­යන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් ජූලි හා අගෝස්තු මාස­ව­ලදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Back To Top