ඉසිපතන ක්‍රීඩකයන් අවසන් මහා තරගයට

[vc_row][vc_column][vc_column_text]ඩයලොග් අන්තර් පාසල් රග්බි පිළුමලුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගයක් ඊයේ පැවැත්විණි. හැව්ලොක් පාක් හිදී පැවති මෙම තරගයේදී ප්‍රබල ඉසිපතන විද්‍යාලයීය රග්බි කණ්ඩායම සමගින් තරග වැදුනේ සහිරා විද්‍යාලයීය රග්බි කණ්ඩායමයි. මෙම තරගයෙන් ලකුණු 39ට 10ක් ලෙසින් විශිෂ්ට ජයක් හිමිකරගත් ඉසිපතන ක්‍රීඩකයන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

තරගයේ පළමු අර්ධයේදී සහිරා විද්‍යාලය ආරක්ෂාකාරී තරග රටාවක් පෙන්නුම් කරනු දැකගන්නට හැකිවිය. තරගයේ පළමුව ලකුණු රැස්කිරීම ආරම්භ කළ සහිරා ක්‍රීඩකයන් උත්සාහක දිනුම හා එහි ප්‍රවර්ථනය සාර්ථක කරගන්නට සමත් වූයේ තරගයේ තෙවනි මිනිත්තුව තුළයි. නමුත් 14 වන මිනිත්තුවේදී ඉසිපතන ක්‍රීඩකයන් පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර ඉන් අනතුරුව දඩුවම් පහරක් සාර්ථක කරගන්නට සමත් විය. ඉන් මිනිත්තු කිහිපයකට පසුව යළිත් උත්සාහක දිනුමක් සාර්ථක කරගන්නට ඉසිපතන ක්‍රීඩකයන් සමත් වද්දී සහිරා ක්‍රීඩකයන් දඩුවම් පහරක් සමගින් පළමු අර්ධය අවසන් කළේ ලකුණු 10ට 13ක් ලෙසින් ඉසිපතන පිළට ඉදිරිය ලබා දෙමිනි.

තරගයේ දෙවන අර්ධයේ පාලනය සම්පුර්ණයෙන්ම ඉසිපතන විද්‍යාලය සතු වද්දී ප්‍රතිවාදීන්ට කිසිදු ලකුණක් රැස්කිරීමට ඔවුන් අවස්ථාව ලබා නොදුන්හ. ඉසිපතන ක්‍රීඩකයන් එම අර්ධයේදී උත්සාහක දිනුම් 4ක් ප්‍රවර්තන 3ක් සාර්ථක කරගනිමින් ලකුණු 26ක් රැස්කළේ තරගය ජයග්‍රහණය කරමිනි. ඒ අනුව ලකුණු 39ට 10ක් ලෙසින් තරගය ජයග්‍රහණය කළ ඉසිපතන විද්‍යාලය ඩයලොග් අන්තර් පාසල් පිළුමලුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top