චන්දිමාල් ඉදිකළ ගෘහස්ත ක්‍රීඩාංගණය සිසු අයිතියට පත් කෙරේ

[vc_row][vc_column][vc_column_text]

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ ඉදිකරන ලද ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගනය 2023 ඔක්තෝම්බර් 01 වන දින එනම් අද දිනයේදී විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් අතට පත් කෙරිණි. මෙම ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමෙහිලා පුරෝගාමීව කටයුතු කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ය. අද දිනයේදී මෙම ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය සිසු අයිතියට පත් කිරීමට දිනේෂ් චන්දිමාල් එක්විය.

චන්දිමාල් කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වීමට පෙර ඉගෙනුම ලැබුවේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය තුළයි. මෙම ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් රුපියල් කෝටි 2කට ආසන්න මුදලක් පරිත්‍යාග කර ඇති බව වාර්තා වෙයි.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top