චිත්‍රසිරි වාර්තාවට අනුව වැඩකරන්න ඉන්න ශ්‍රී ලංකා ක්‍රිකට් නව පරිවර්තන කමිටුව!

ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනසක් කිරීමට නම් ව්‍යවස්ථාමය සහ ව්‍යූහමය වෙනසක් අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජික සිදත් වෙත්තමුණි මහතා පවසනවා.

තවදුරටත් ඔහු සදහන් කරන්නේ ඔහු මීට පෙරද අන්තර්කාලීන කමිටු සමග කටයුතු කර ඇති බවත් එම ව්‍යවස්ථාමය සහ ව්‍යූහාත්මක වෙනස නොකළහොත් පරණ තත්වයටම නැවත ඇද වැටෙන බවයි.එමෙන්ම මෙම පරිවර්තන කමිටුවේ ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ ක්‍රීඩකයින්ගේ මානසිකත්වය නිවැරදි කර ඔවුන්ව තරගාවලි සදහා සූදානම් කිරීම බවයි.

නව පරිවර්තන කමිටුව චිත්‍රසිරි වාර්තාවට අනුව කටයුතු කරන බවත් වර්තමාන කමිටුවට එක්වීමට ඔහුට කිසිදු බලාපොරොත්තුවක් නොතිබුණ බවත් පවසන ඔහු අවසන් මොහොතේ එක් පුද්ගලයෙකු ඉවත්වීම නිසා පුරප්පාඩු වූ ස්ථානයට එක්වීමට කළ ඉල්ලීම ඔහුට ප්‍රතික්ෂේප කිරීමට නොහැකි වූ බවත්ය.

Back To Top