ජාත්‍යන්තර පාසැල් මලල ක්‍රීඩා ශුරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසැලට

[vc_row][vc_column][vc_column_text]20 වැනි වරට පැවැති ජාත්‍යන්තර පාසැල් මලල ක්‍රීඩා තරගාවලිය අවසන් වුණේ මෙවරත් එහි ශුරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසැලට හිමි කර දෙමින්. තරගාවලිය දින 3 ක් පුරා පැවැත්වුණේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදීයි. ඊට දිවයින පුරා ජාත්‍යන්තර පාසැල් 23 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1750 කට අධික පිරිසක් එක්ව සිටියා.

සමස්ත ශුරතාව දිනූ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසැල රන් පදක්කමි 39 ක් රිදී පදක්කම් 20 ක් සහ ලෝකඩ පදක්කම් 23 ක් හිමි කර ගත්තා. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසැල මෙම ශුරතාව දිනා ගත් 12 වැනි අවස්ථාව මෙයයි. මෙහි දෙවැනි ස්ථානය හිමි කර ගත්තේ රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසැලයි. ඔවුන් රන් පදක්කම් 24 ක් රිදී පදක්කම් 29 ක් සහ ලෝකඩ පදක්කම් 19 ක් හිමි කර ගත්තා. තෙවැනි ස්ථානය හිමි කර ගත්තේ නුගේගොඩ ජාත්‍යන්තර පාසැලයි.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තේ ගේට්වේ ජාත්‍යන්තර පාසැලේ ශෙලින්ඩා ජැන්සන්. ඇය වයස අවුරුදු 19 න් පහළ මීටර 100 හා 200 තරග දෙකෙහිම රන්පදක්කම් දිනා ගත්තා. මී‌ටර 100 ඉසව්වේදී ඇය නව තරගාවලි වාර්තාවක්ද පිහිටුවීමට සමත් වුණා. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසැලේ සදුන් කුමාර. ඔහු තුන් පිම්ම ඉසව්වෙන් නව තරගාවලි වාර්තාවක් පිහිටවූවා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top