තහනම් උත්තේජක පරීක්ෂණයෙන් කාලිංග සමත් බව වාර්තාවෙයි.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවේ ධාවන ශූර කාලිංග කුමාරගේ තහනම් උත්තේජක චෝදනාවලින් නිදහස් කිරීමට ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විසින් ඉදිරිපත් කර තිබූ ඇපෑල ඉවත දමා ඇති බව වර්තා වේ.

2018 වසරේදී පැවැති යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණයකදී කාලිංග, තහනම් උත්තේජක ලබා ඇති බවට වාර්තා විය.තමන් චූදිතයෙක් බවට පත්වූ අදාළ සාම්පල පරීක්ෂාවට ලක්කරන ලද්දේ, තත්ත්ව දුර්වලතා හේතුවෙන් ඉකුත් වසරේ මුද්‍රා තැබීමකට ලක්වූ නවදිල්ලි රසායනාගාරයෙන් වීම, තර්කය ලෙස ගනිමින් කාලිංග විසින් අභියාචනාවක් ඉදිරිපත් කෙරිණි.

එම අභියාච විමර්ශනයට ගත් ජනාධිපති නීතිඥ උදිත ඉහලහේවා ප්‍රමුඛ ත්‍රිපුද්ගල කමිටුව මගින් 2019 වසරේ නොවැම්බර් මාසයේදී කාලිංග නිදහස් කිරීමට තීන්දු කෙරිනි. නමුත් එම තීන්දුව නැවත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ ආයතනය කටයුතු කළ අතර ඒ අනුව ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන ප්‍රමුඛ ත්‍රිපුද්ගල කමිටුවක් හමුවට යොමුවිය. අදාළ කමිටුව විසින්ද කාලිංග නිදහස් කරමින් සිය තීන්දුව පෙරේදා (08වැනිදා) ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සීවලී ජයවික්‍රමගෙන් කළ විමසීමේදී ‘මට තවම ඒ ලිපිගොනුව අතට ලැබිලා නෑ. මෙය ඉදිරියට ගෙන යනවද කියලා අපි තාම තීරණයක් අරගෙන නෑ. සවිස්තර තොරතුරු පසුව දැනුම් දෙන්නට පුළුවන්’ යැයි පැවසුවේය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top