තෙවන දිනය අවසානයේ නවසීලන්තයට වැඩි වාසි

[vc_row][vc_column width=”2/3″][vc_column_text]ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය නිමාවන විට සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය ලකුණු 197/7 ලබා සිටියේ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 177ක් තම නම ඉදිරියෙන් සටහන් කරමින්ය. ලකුණු 177ක් ඉදිරියෙන් සිටීම සාමාන්‍ය දෙයක් වුවත් ගාලු ක්‍රීඩාංගණයේ සිව්වන ඉනිම ක්‍රීඩා කර ඒ හා සමාන ලකුණු ප්‍රමාණයක් හඹා යාම ඉතා අසීරු කටයුත්තක් බව ඉතිහාසය සාක්ෂි දරයි.

තෙවන දිනය ආරම්භ කරමින් සාර්ථක ලෙස පිතිකරණයේ යෙදී සිටි නිරෝශන් දික්වැල්ල සහ සුරංග ලක්මාල් පිටියට පැමිණියත් ලකුණු 15ක් එක් වෙද්දී සුරංග ලක්මාල් දවාගැනීමට ට්‍රෙන්ට් බෝල්ට් සමත් විය. දිනයේ දෙවෙනි කඩුල්ල ලෙස නිරෝශන් දික්වැල්ල දැවී යන විට ඔහු ලකුණු 61ක් රැස් කර ගත්හ.

ශ්‍රී ලංකා ඉනිමේ අවසාන කඩුල්ල ලෙස ලකුණු 5ක් රැස් කරගෙන සිටි ලසිත් ඇඹුල්දෙණිය දැවී යන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 267ක් රැස් කරගෙන සිටි අතර නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 18ක වාසියක් අත්තිව. නවසීලන්තය වෙනුවන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අජාස් පටෙල් කඩුලු 5ක් ද, විලියම් සමර්විල් සහ ට්‍රෙන්ට් බෝල්ට් පිලිවෙලින් කඩුලු 3ක් සහ 2 බැගින් ලබා ගත්තේය.

සිය දෙවෙනි ඉනිම ආරම්භ කල ජීට් රවාල් සහ ටොම් ලතම් අතර දීර්ඝ සබඳතාවයකට ඉඩ නොදී ජීට් රවාල් නැවත ක්‍රිඩා ගාරයට හරවා යැවීමට ධනංජය ද සිල්වා සමත් වුනේ මුලු ලකුණු ප්‍රමාණය 10ක්ව තිබියදීය.දිවා විවේකයන් සුලු මොහොතකට පසු නායක කේන් විලියම්සන් දෙවන වතාවටවත් අසාර්ථක වී ලකුණු 4 කට දැවී ගියේ කුසල් ජනිත් පෙරේරා ලබා ගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හමුවේය.

දිනෙන් දින ගාලු තණතිල්ල පිතිකරණයට අසීරු තණතිල්ලක් බව යලි සනාථ කරමින් රෝස් ටේලර් දැවී යන විට නවසීලන්ත ලකුණු පුවරුව දැක්වුනේ ලකුණු 21ට කඩුලු 3ක් ලෙසය. ඉන් පසු යම් කිසි ජීවයක් එක් කරමින් ටොම් ලැතම් සහ හෙන්‍රි නිකලස් යම් කිසි ස්ථාවරයක් පෙන්නුම් කරමින් ලකුණු 81ක් කරා ලකුණු පුවරුව ඔසවා තැබුවද ටොම් ලැතම්ව දවාගැනීමට අකිල ධනංජය සමත් වූයේ දෙවන ඉනිමේ ඔහුගේ කඩුලු දඩයම ආරම්භ කරමිනි.

නවසීලන්ත ලකුණු පුවරුවට ලකුණු 17ක් එක් වෙද්දී ඔවුන්ගේ සිව්වන කඩුල්ල ලෙස හෙන්‍රි නිකලස් ධනංජය ද සිල්වාගේ පන්දුවකට කුසල් මෙන්ඩිස් හට උඩ පන්දුවක් ලබා දීමෙන් දැවී ගියේ ඔහුගේ මුලු ලකුණු ප්‍රමාණය 26ක් වන විටය. දඟ කැවෙන තණතිල්ලේ උපරිම වාසිය ලබාගත් ලසිත් ඇඹුල්දෙණිය සිය තුන් වෙනි කඩුල්ල ලබා ගනිමින් මිචෙල් සැන්ට්නර් ව දවාගත්තේ ලකුණු 17කටය. එවිට නවසීලන්ත ලකුණු පුවරුව දිස් වූයේ 124/6ක් ලෙස අසීරු අවස්ථාවකය.

නවසීලන්ත පිල අසීරු අවස්ථාවෙන් මුදාගෙන ඉනිමට යම් කිසි අස්වැසිල්ලක් ලබා දුනු බී.ජේ වොට්ලින් සහ ටිම් සවුතී ලකුණු 54ක සබඳතාවයක් ගොඩ නැගූ අතර එය නිමා වූයේ ලසිත් ඇඹුල්දෙණිය සිව්වෙනි කඩුල්ල ලෙස ලබාගත් ටිම් සවුතීව දවා ගනිමින්ය. නවසීලන්ත ඉනිමේ සාර්ථකම පිතිකරු වෙමින් අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වූ බී.ජේ වොට්ලින් දිනය නිමා වන විට ලකුණු 68ක් ලබා සිටියේ නවසීලන්ත ඉනිම 195කට සහ දෙවන ඉනිමේ වාසිය ලකුණු 177ක් දක්වා ඉහල නංවමිනි.

අයහපත් අලෝක තත්වය නිසා දිනය අවසන් කරන විට ඇඹුල්දෙණිය කඩුලු 4ක් සහ ධනංජය ද සිල්වා කඩුලු 2ක් සහ අකිල ධනංජය එක් කඩුල්ලක් දවා ගත්තේය.

හෙට තරගයේ හතරව දිනය වේ.[/vc_column_text][/vc_column][vc_column width=”1/3″][vc_widget_sidebar sidebar_id=”td-default”][/vc_column][/vc_row]

Back To Top