දකුණු ආසියානු හෝප්ස් හා කැඩෙට් කණිෂ්ඨ මේසපන්දු තරගාවලිය ජයග්‍රහකයින් ක්‍රීඩා ඇමති මුණගැසේ

[vc_row][vc_column][vc_column_text]පසුගියදා නේපාලයේ කත්මන්දු නුවර පැවති දකුණු ආසියානු හෝප්ස් හා කැඩෙට් කණිෂ්ඨ මේසපන්දු තරගාවලියට සහභාගී වී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ඇතුලුව පදක්කම් 07 ක් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ගරු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා 2020.02.06 වන දින ක්‍රීඩා අමාත්‍යාංශයේදී හමුවිය.

එහිදී තරගාවලියට සහභාගී වූ දරු දැරියන් වෙත අමාත්‍යවරයා උණුසුම් සුභ පැතුම් එක කළ අතර, දරුවන්ගේ ඉදිරි ක්‍රීඩා කටයුතු සම්බන්ධව දෙමාපියන් සමග සාකච්ඡාවක නිරත විය.

මෙම තරගාවලියට සහභාගී වී ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 04 දෙනෙක් මීලග ආසියානු තරගාවලිය සදහා සුදුසුකම් ලබා ඇති අතර, ඔවුන්ගේ ඉදිරි ක්‍රීඩා කටයුතු සොයා බලා අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා නිළධාරීන් හට උපදෙස් දෙන ලදි.

දකුණු ආසියානු හෝප්ස් හා කැඩෙට් කණිෂ්ඨ මේසපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක් රන් පදක්කමක්, රිදී පදක්කම් 02 ක් හා ලෝකඩ පදක්කම් 04 ක් සමග පදක්කම් 07 ක් දිනා ගැනීමට හැකිවිය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ සෙනුර සිල්වා වයස අවුරුදු 15 න් පහළ බාලක රන් පදක්කම දිනා ගත්තේය. වයස අවුරුදු 15 න් පහළ බාලක, බාලිකා රිදී පදක්කම් 02 ක් දිනා ගැනීමට ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ මහිත් ජයසුමන හා කොළඹ මියුසියස් විදුහලේ ඔනෙලි ලෙහන්‍යා සමත් විය.

වයස අවුරුදු 15 න් පහළ බාලිකා ලෝකඩ පදක්කමක් දිනා දීමට අම්බලන්ගොඩ ප්‍රජාපති ගෝතමී බාලිකා විදුහලේ නිදිති රෙහන්‍යා සමත් විය. වයස අවුරුදු 12 න් පහල බාලක බාලිකා ලෝකඩ පදක්කම් 03 ක් දිනා දීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ කකෙරු හෙන්නායක, නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙවිමිත් වීරසේන හා අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහලේ ඒ.ඩබ්. ටමාදි කාවින්ද්‍යා සමත් විය.

දකුණු ආසියානු කණිෂ්ඨ මේසපන්දු තරගාවලිය හරහා ශ්‍රී ලංකාවේ අභිමානය ලොවක් ඉදිරියේ ඉහළින්ම ඔසවා තැබීමට හැකිවූ අපේ කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවගේ දක්ෂතා හා ඇගයීම් සදහා ඔබ මාධ්‍ය හරහා ප්‍රචාරය කර දෙන මෙන් ඉල්ලා සිටිමි.

 

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top