දේශීය ක්‍රිකට් පිටිය සිකුරාදා සිට යළි සක්‍රීය වෙයි

[vc_row][vc_column][vc_column_text]

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන සියලුම ක්‍රිකට් තරග නැවැත්වීමට ක්‍රීඩා ඇමතිවරයා නියෝග කොට තිබුණා. එලෙසින් නවතා දැමුනු දේශීය තරගාවලි සියල්ල එළඹෙන සිකුරාදා දිනයේ පටන් යළි සක්‍රීය වීමට නියමිතයි.

අන්තර් සමාජ තුන්දින තරගාවලියේ ව්‍යුහයේ සිදුකළ වෙනස්කම් වලට අදාළව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය නොලැබුණු බවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දීමත් සමඟ දේදේශීය ක්‍රිකට් පිටිය අඩපණ විය. එම ලිපියේ තරඟාවලි නවත්වන ලෙස සඳහන්ව නොතිබුණද නීතිඥ උපදෙස් මත ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක් ලැබෙන තුරු තරඟාවලි අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළා.

ඒ අනුව අන්තර් සමාජ තුන්දින ලීගය සිකුරාදා සිට නැවත ආරම්භ වේ. සැප්තැම්බර් 1-3, සැප්තැම්බර් 8-10 සහ සැප්තැම්බර් 15-17 කාල සීමාව තුළ ක්‍රීඩා කළ නොහැකි වූ සති අන්ත තරඟ තුන ඔක්තෝබර් 6-8, ඔක්තෝබර් 13-15 සහ ඔක්තෝබර් 20-22 යන දින වලට යළි කාලසටහන් කර ඇති අතර අවසන් තරගය ඔක්තෝබර් 26 සිට 29 දක්වා පැවැත්වීමට නියමිතය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top