නවසීලන්ත ‘A’ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නිල වශයෙන් නම් කර ඇත. නම් කරන ලද කණ්ඩායමට ටෙස්ට් ක්‍රීඩකයින් වන රමේෂ් මෙන්ඩිස් සහ වේග පන්දු යවන ළහිරු කුමාරද ඇතුළත්ව සිටිති.
නවසීලන්ත ‘A’ කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මස 05 වැනිදා සිට ආරම්භ වන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා අනතුරුව පැවැත්වෙන තරග 2 කින් සමන්විත සිව්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ‘A’ සංචිතයට ක්‍රීඩකයින් 28 දෙනෙකු නම් කර තිබේ.
මෙම තරගාවලියේ සිව්දින අංශයේ නායකත්වය පසිදු සූරියබණ්ඩාර වෙත පවරා ඇති අතර, එක්දින අංශයේ නායකත්වය සහන් ආරච්චිගේ වෙත හිමිව තිබේ. අනාගත ජාතික කණ්ඩායම සඳහා ක්‍රීඩකයන් සූදානම් කිරීමේ අරමුණින් තරුණ හා දක්ෂ ක්‍රීඩකයන්ට වැඩි අවස්ථා ලබා දීමට මෙවර තේරීම්වලදී අවධානය යොමු කර ඇති බව දක්නට ලැබේ.
මෙවර කණ්ඩායමට ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ උපනායක කවීජ ගමගේ, චාමික හීනටිගල, සහ විග්නේෂ්වර ආකාශ්ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. මෙම තරගාවලිය හරහා ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාවක් ක්‍රීඩකයන්ට හිමිවනු ඇති අතර, ඉදිරියේ ජාතික කණ්ඩායමට එක්වීමට සුදුසු දක්ෂතා දක්වන ක්‍රීඩකයන් හඳුනා ගැනීමට මෙය වැදගත් වනු ඇත.
තරගාවලිය සඳහා නම් කර ඇති සම්පූර්ණ ක්‍රීඩක ලැයිස්තුව පහත පරිදි වේ:
ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම – කමිල් මිෂාර, ලසිත් කෲස්පුල්ලේ, නිශාන් මධුෂ්ක, ළහිරු උදාර, කවිජ ගමගේ, පවන් රත්නායක, නුවනිදු ප්‍රනාන්දු, අහන් වික්‍රමසිංහ, පසිදු සූරියබණ්ඩාර (නායක – සිව්දින), සොනාල් දිනූෂ, සහන් ආරච්චිගේ (නායක – එක්දින), සොහාන් ද ලිවේරා, මිලාන් රත්නායක, රවිඳු ප්‍රනාන්දු, චාමික හීනටිගල, වනුජ සහන්, විජයකාන්ත් වියස්කාන්ත්, ට්‍රෙවීන් මැතිව්ස්, විග්නේෂ්වර ආකාශ්, රමේෂ් මෙන්ඩිස්, දිලුම් සුදීර, ඉසිත විජේසුන්දර, ලහිරු කුමාර, දුලාජ් සමුදිත, ප්‍රමෝද් මධුෂාන්, මොහොමඩ් ශිරාස්, ඩිල්ෂාන් මධුශංක, දුවිඳු රණතුංග.

