නව නායකත්වයන් දෙපළක් යටතේ සිංහ පුතුන් සිම්බාබ්වේ තරගාවලියට

එළඹෙන ජනවාරි මස 6වනදා සිට ආරම්භ වීමට නියමිතය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින හා විස්සයි විස්ස තරගාවලිය සදහා මූලික සංචිත දෙකක් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කොට ඇත. ඒ අනුව නව නායකයන් දෙපළක් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ තරගාවලිය වෙනුවෙන් එක්වනු ඇත.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම කුසල් මෙන්ඩිස් භාරයට පත් වද්දී එහි උපනායකත්වය චරිත් අසලංකට හිමි වී ඇත. විස්සයි විස්ස ජාතික කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වනිදු හසරංගට පැවරෙද්දී චරිත් එම කණ්ඩායමේද උපනායකත්වය හොඹවනු ඇත. එක්දින මූලික සංචිතයට ක්‍රීඩකයන් 21ක් ද විස්සයි විස්ස මූලික සංචිතයට ක්‍රීඩකයන් 22ක්ද ඇතුළත් වී ඇත. මේ අතරින් අවසන් ක්‍රීඩකයන් 15 දෙනාගේ සංචිතය නුදුරේදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය

ශ්‍රී ලංකා මූලික එක්දින සංචිතය
කුසල් මෙන්ඩිස්
පැතුම් නිස්සංක
චරිත් අසලංක
වනිදු හසරංග
සදීර සමරවික්‍රම
දසුන් ශානක
චාමික කරුණාරත්න
දුෂ්මන්ත චමීර
මහීෂ් තීක්ෂණ
අවිශ්ක ප්‍රනාන්දු
නුවනිදු ප්‍රනාන්දු
දුනිත් වෙල්ලාලගේ
ජනිත් ලියනගේ
කමිදු මෙන්ඩිස්
අකිල ධනංජය
සහන් ආරච්චිගේ
ඩිල්ෂාන් මධුසංඛ
අසිත ප්‍රනාන්දු
ප්‍රමෝද් මධුෂාන්
ජෙෆ්‍රි වැන්ඩසේ
චාමික ගුණසේකර

මූලික විස්සයි විස්ස සංචිතය
වනිදු හසරංග
චරිත් අසලංක
කුසල් මෙන්ඩිස්
පැතුම් නිස්සංක
සදීර සමරවික්‍රම
දසුන් ශානක
ඇන්ජිලෝ මැතිව්ස්
භානුක රාජපක්ෂ
කුසල් පෙරේරා
ධනංජය සිල්වා
මහීෂ් තීක්ෂණ
දුනිත් වෙල්ලාලගේ
චාමික කරුණාරත්න
කමිදු මෙන්ඩිස්
අකිල ධනංජය
දුෂ්මන්ත චමීර
ඩිල්ෂාන් මධුසංඛ
බිනුර ප්‍රනාන්දු
ප්‍රමෝද් මධුෂාන්
මතීෂ පතිරණ
නුවන් තුෂාර
ජෙෆ්‍රි වැන්ඩසේ

Back To Top