නේපාලය විස්සයි විස්ස වාර්තා පොත් අලූත් කරයි.

[vc_row][vc_column][vc_column_text]

ආසියානු ක්‍රීඩා තරඟාවලියේ ක්‍රිකට් තරග ඉසව්වව ආරම්භ කරමින් පැවති තරගයේ දී නව විස්සයි විස්ස වාර්තා බිහි කිරීමට නේපාලය සමත් වී ඇත. ඒ මොන්ගෝලියාවට එරෙහිව පැවති තරගයේ දී. කාසිය වාසිය දිනු මොංගෝලියා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සදහා නේපාලයට ආරාධනා කළහ. එම ආරාධනයට පිත්තෙන් කදිම ලෙස පිළිතුරු නේපාල ක්‍රීඩකයන් නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 314 ක් රැස්කිරීමට සමත්විය.

ජාත්‍යන්තර 20 20 ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක් තුළ කණ්ඩායමක් රැස්කල වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා පොත් අතරට එක් විය. තවද ජාත්‍යන්තර 20 20 තරගයක ලකුණු 300 සීමාව පසුකළ පළමු තරගය බවටද පත්විය. එමෙන්ම T20 තරඟයක වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකයට හිමිකම් කියන්නට අද දිනයේ දී නේපාල ක්‍රීඩක දිපේන්ද්‍ර සිං සමත් විය. ඔහු පන්දු 10ක් තුළදී හයේ පහර අටක් සමගින් නොදැවී ලකුණු පනස් දෙකක් රැස් රැස් කිරීමට සමත් විය.

නමුත් ඔහු පන්දු නමයකට පමණක් ක්‍රීඩා කරමින් සිය අර්ධ ශතකය වාර්තා කළේය. ඒ සමඟම විස්සයි විස්ස පිටියේ වේගවත්ම අර්ධ ශතකය හි වාර්තාවට හිමිකම් කීවේ යුවරාජ් සිං ගේ වාර්තාව බිඳ වැටුණි.නේපාල ක්‍රීඩක කුෂාල් මාල්ලා පන්දු 34කදී සිය ශතකය සම්පූර්ණ කරමින් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වේගවත්ම ශතක වාර්තාව සිය නාමය ඉදිරියේ ලියවා ගන්නට සමත් විය. ඔහු පන්දු 50 ක් තුළ හතරේ පහර අටක් සහ හයේ පහර 12 ක් සමගින් නොදැවී ලකුණු 137ක් රැස් කළේය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top