පොලිස් ක්‍රීඩකයින් හමුවේ සීඑච් කණ්ඩායම පසුබසී.

[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සීඑච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ජයග්‍රහණය වාර්තා කිරීමට පොලිස් කණ්ඩායම සමත් වුණා. තරගය කොළඹ තුරග තරග පිටියේදී පසුගිය ඉරිදා (26) පැවැත්වුණා.

තරගයේ පළමු අර්ධයේදී පොලිස් කණ්ඩායම ගෝල දිනුම් 3 ක් සහ දඩුවම් පහරක් සමග ලකුණු 24 ක් රැස් කිරීමට සමත් වුණා. ප්‍රතිවාදී සීඑච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම එම අර්ධයේදී උත්සාහක දිනුම් 2 ක් සාර්ථක කර ගනිමින් රැස් කල ලකුණු සංඛ්‍යාව 10 ක්. ඒ අනුව එම අර්ධය අවසන් වුණේ පොලිස් කණ්ඩායම ඉදිරියෙන් සිටිමින්. දෙවැනි අර්ධයේදී පොලිස් කණ්ඩායම තවත් ලකුණු 8 ක් රැස් කළ අතර සී එච් කණ්ඩායම රැස්කළ ලකුණු සංඛ්‍යාව 7 ක්. ඒ අනුව ලකුණු 33 ට 17 ක් ලෙස තරගය ජය ගැනීමට පොලිස් කණ්ඩායම සමත් වුණා. ජයග්‍රාහී පොලිස් කණ්ඩායම ලකුණු රැස් කළේ ගෝල දිනුම් 3 ක්, උත්සාහක දිනුමක් , සහ දඩුවම් පහර 2 කින්.

හැව්ලොක් කණ්ඩායමට තවත් ජයක්.

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තවත් තරගයක් හැව්ලොක් සහ යුධ හමුදා කණ්ඩායම් අතර පසුගියදා (25) පැවැත්වුණේ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී. ඒ විදුලි ආලෝකය මධ්‍යයේයි. තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 35 ට 21 ක් ලෙස යුධ හමුදාව ඉදිරියෙන් සිටියා. නමුත් දෙවැනි අර්ධයේදී කැපී පෙනෙන දක්ෂතා ප්‍රදර්ශණය කළ හැව්ලොක් කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 24 ක්. නමුත් යුධ හමුදාව එහිදී රැස් කළේ ලකුණු 07 ක් පමණයි. ඒ අනුව ලකුණු 45 ට 42 ක් ලෙස තියුණු ජයක් වාර්තා කිරීමට හැව්ලොක් කණ්ඩායම සමත් වුණා. ජයග්‍රාහී ක්‍රීඩකයින් ලකුණු රැස් කළේ ගෝල දිනුම් 5 ක් සහ උත්හාහක දිනුම් 2 කින්.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top