ලෝක කණිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියට ලංකාවෙන් 7ක්

[vc_row][vc_column][vc_column_text]කෙන්යාවේ නයිරෝබි නුවර ආරම්භ වීමට නියමිත ලෝක කණිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 15 වනදා දිවයිනෙන් පිටත්ව ගියා . මෙම කණ්ඩායමට ක්‍රීඩකයන් 3දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 4දෙනක් ඇතුළත්. තරගාවලියට එක් වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම මෙසේය.

පිරිමි🔥ඉසුරු කෞෂල්‍ය අබේවර්ධන – මීටර් 400 සහ මීටර් 400 මිශ්‍ර සහය දිවීම
🔥U B M R D බණ්ඩාර – මීටර් 400 මිශ්‍ර සහය දිවීම
🔥H H R S ජයසුන්දර – මීටර් 400 මිශ්‍ර සහය දිවීම

කාන්තා
🔥ශානිකා ලක්ෂානි – මීටර් 800
🔥D M T D කරුණාරත්න – මීටර් 800 සහ මීටර් 400 මිශ්‍ර සහය දිවීම
🔥 මේධානි ජයමාන්න – මීටර් 100 සහ මීටර් 200
🔥 සයුරි ලක්ෂිමා මෙන්ඩිස් – මීටර් 400 මිශ්‍ර සහය දිවීම

මීට අමතරව උමන්ග සුරේන්ද්‍ර සහ දනුෂ්ක මුණසිංහ කණ්ඩායම් පුහුණුකරුවන් ලෙසත්, සුනේත්‍රා කරුණානායක කාන්තා කණ්ඩායම භාර නිලධාරිනිය ලෙසත් තරගාවලියට එක්වනවා. කණ්ඩායම් කළමනාකරු ලෙස ජගත් ඥානසිරි සිල්වා කටයුතු කරන අතර වෛද්‍ය ධම්මික සේනානායක කණ්ඩායමේ වෛද්‍යවරයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

මෙම තරගාවලියට වයස අවුරුදු 20න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන අතර තරගාවලිය අගෝස්තු 17වනදා සිට 22වනදා දක්වා පැවැත්වෙනු ඇති.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top