ලෝක කුසලානය ආරම්භයටත් පෙර බංග්ලාදේශයට ගැටලුවක්

[vc_row][vc_column][vc_column_text]

එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට පෙරාතුවම බංග්ලාදේශ කණ්ඩායමට ගැටළුවක් පැන නැගී ඇත. ඒ බංග්ලාදේශ නායක ශකිබ් අල් හසන් ආබාධයට ලක්වීම හේතුවෙන්. පුහුණුවීම් අතර තුරදී ශකිබ් පාදයේ ආබාධයකට ලක්වූ අතර ඔහුට ක්‍රීඩා කිරීමට අවශ්‍ය යෝග්‍යතාවය ලබාගැනීමට දින 10ක් පමණ ගතවනු ඇතැයි වාර්තා පළ වී ඇත

මේ හේතුවෙන් ඔහුට අද පැවති ශ්‍රී ලංකාවට එරෙහි පුහුණු තරගය හා එංගලන්තයට එරෙහිව පැවැත්වෙන පුහුණු තරගය අහිමි වෙයි. එමෙන්ම ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය මුහුණ දෙන ඇෆ්ගනිස්ථානයට එරෙහි පළමු තරගය ද ශකිබ්ට අහිමි වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top