සිම්බාබ්වේ තරගාවලියේ ප්‍රවේශපත් නිකුත් කෙරේ

එළඹෙන ජනවාරි මස පැවැත්වීමට නියමිත සිම්බාබේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ ප්‍රවේශපත් නිකුත් කිරීම ආරම්භ කොට තිබෙනවා. ඒ අනුව අද දිනයේ පටන් SrilankaCricket නිළ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රවේශපත් මිළදී ගැනීමට අවස්ථාව හිමි වී ඇත.

ජනවාරි මස 4 වනදා සිට කොළඹ R ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හා විද්‍යා මාවතේ පිහිටි SLC ටිකට් පත් කවුන්ටරයෙන් මිළදී ගත හැකිය. ප්‍රවේශපත් මිළ රුපියල් 200න් ආරම්භ වන අතර රුපියල් 5000ක් දක්වා ප්‍රවේශපත් මිළ පවතී.

සිම්බාබ්වේ තරගාවලියට අදාළ එක්දින තරග ජනවාරි 6,8 හා 11 දිනවලද, විස්සයි විස්ස තරග ජනවාරි 14,16 හා 18 දිනවලද පැවැත්වෙයි. සියලු තරග කොළඹ ඛෙත්‍තාරාම ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

C/D LOWER – 200
C/D UPPER – 500
A/B LOWER – 1000
A/B UPPER – 1500
GRAND STAND – 5000
AC BOX – 3000

Back To Top