සුපිරි පැසි පන්දු ක්‍රීඩක කොබේ බ්‍රයන්ට් ගුවන් අනතුරකින් අවසන් ගමන් යයි.

[vc_row][vc_column][vc_column_text]ඇමෙරිකාවෙන් බිහිවූ විශිෂ්ඨතහ පැසි පන්දු ක්‍රීඩකයෙකු වන කොබේ බ්‍රයන්ට් ගුවන්යානා අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණා. ඔහු සමග ඔහුගේ 13 හැවිරිදි දියණිය සමග තවත් 7 දෙනෙකු මෙම අනතුරින් මියගියා.

කොබේ බ්‍රයන්ට් ඇතුළු පිරිස ගමන් කරමින් තිබූ පෞද්ගලීක හෙකිකොප්ටර් යානය කැලිෆෝනියා ප්‍රාන්තයේ කැලබෑසස් නගරය ආසන්නයේ කඩා වැටී තිබෙනවා. ඉන් යානයේ ගමන් කළ සියලු දෙනාම මියගියා. මිය යන විට 41 වැනි වියෙහි පසුවූ කොබේ බ්‍රයන්ට් 1996 වසරේ සිට 2016 වසර දක්වා වසර 20 ක කාලයක් අමෙරිකානු ජාතික පැසි පන්දු කණ්ඩායම නියෝජනය කළා.

එම කාලය තුල NBA පැසිපන්දු ශුරතාව 5 ක් වරක් දිනා ගත් කණ්ඩායමේද ඔහු ප්‍රබල සාමාජිකයෙක්. ‌මේ අතර ලොස්ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායම නියෝජනය කරමින් කොබේ බ්‍රයන්ට් වසර 18 ක් අන්තර් සමාජ ලීග් පැසි පන්දු තරගාවලියද නියෝජනය කළා. 2008 සහ 2012 වසර වලදී ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගත් අමෙරිකානු පැසි පන්දු කණ්ඩායමද නියෝජනය කළ කොබේ බ්‍රයන්ට් අවස්ථා රැසකදී විශිෂ්ඨතම පැසි පන්දු ක්‍රීඩකයාට හිමි සම්මානයෙන්ද පිදුම් ලැබුවා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top