යාපනය දිස්ත්‍රික්කයට පළමු ගෘහස්ථ ක්‍රීඩාංගනයේ වැඩ පටන් ගනී

යාපනය දිස්ත්‍රික්කයෙහි පළමු ගෘහස්ථ ක්‍රීඩාංගනයෙහි ඉදි කිරීම් කටයුතු නොවැ.23 තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය, පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක, පාර්ලි⁣මේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමාරන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වී.ප්‍රේමචන්දිරන්, යාපනය දිස්ත්‍රික් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම ප්‍රවෘත්තිය ඔබ මාධ්‍ය මඟින් ප්‍රචාරය කර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබ ලබාදෙන සහයෝගය බෙහෙවින් අගය කරමු.

 

Back To Top