අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 13 සඳහා ක්‍රීඩා භාණ්ඩ !

පාසල් ක්‍රිකට් ක්‍රීඩා සංවර්ධන වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 13 සඳහා ක්‍රීඩා භාණ්ඩ කට්ටල බෙදා දීම අද දින (27) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති, වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යය එච්. එම් වසන්ත සමරසිංහ, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලි⁣මේන්තු මන්ත්‍රී නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ.ජී.ආර් විමලසූරිය, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගි විය.

Back To Top