වසර 11කට පසු නැවතත් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 191වෙනි ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.ඒ ස්ථාන තුනක් ඉදිරියට පැමිණෙමින්.
2022 වසරේදී ශ්‍රේණිගත කිරීම්හි 207වෙනි ස්ථානයේත් 2024 වසරේ 205වෙනි ස්ථානයේත් පසු වූ ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසර දෙකේදි කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරා.ඒ අනුව වසර 5ක කාලයක් තුළ පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් හොදම ස්ථානය මෙයයි

