එෂාන්ගේ සන්රයිසස් පිළ පෙරමුණට!

IPL තරගාවලියේ 49වෙනි තරගය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම අතර ඊයේ හයිද්‍රාබාද්හීදී පැවැත්වුණා.තරගය ලකුණු 33කින් පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 4කට ලකුණු 235ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.හයිද්‍රාබාද් ඉනිමේ කැපීපෙනෙනම ඉනිම් දෙකක් ක්‍රීඩා කරේ ඉෂන් කිෂන් සහ හෙන්රිච් ක්ලාසන්.ඔවුන් දෙදෙනා එක්ක තුන්වෙනි කඩුල්ලට ලකුණු 88ක සබදතාවයක්ද ගොඩනැගීමට සමත් වුණා.ලකුණු 236ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි පංජාබ් පිළේ සාර්ථක වූ එකම පිතිකරුවා වූවේ කූපර් කොනොලි පමණයි.ඔහු ශතකයක් වාර්තා කරමින් එක් අන්තයක නොදැවී සිටියත් පංජාබි කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයාමට ඔහු අපොහොසත් වුණා.එෂාන් මාලිංග එක් කඩුල්ලක් දවාගත්තා.

මේ ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ වැඩි කාලයක් පෙරමුණේ පසු වූ පංජාබ් කිංග්ස් කණ්ඩායම දෙවෙනි ස්ථානයට ඇද දමමින් පළමු ස්ථානයට පත්වීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.

තරගයේ ලකුණු සටහන

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20කදී කඩුලු 4කට ලකුණු 235යි.

හෙන්රිච් ක්ලාසන් 69,ඉෂන් කිෂන් 55,ට්‍රවිස් හෙඩ් 38,අභිෂේක් ශර්මා 35
යුස්වෙන්ද්‍ර චෙහෙල් 32/1,ලොකී ෆර්ගියුසන් 41/1,අර්ෂ්දීප් සිංග් 43/1,විජයකුමාර් වෛශාක් 54/1

පංජාබ් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20කදී කඩුලු 7කට ලකුණු 202යි.

කූපර් කොනොලි නොදැවී 107,මාකස් ස්ටොයිනිස් 28
පැට් කමින්ස් 34/2,ශිවන්ග් කුමාර් 45/2,නිතිෂ් කුමාර් 11/1,එෂාන් මාලිංග 36/1,ශකිබ් හුසේන් 40/1

Back To Top