2026 IPL තරගාවලියේ 52වෙනි තරගය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර ඊයේ පැවැත්වුණා.
තරගය ලකුණු 77කින් ජයගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් පිළ ලකුණු 229ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.එහිදී පළමු කඩුල්ල වෙනුවෙන් සායි සුදර්ශන් සහ ශුබ්මන් ගිල් අතර ගොඩ නැගුණු ලකුණු 118ක සබදතාවය ගුජරාට් කණ්ඩායමට එවැනි දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමේදි විශාල දායකත්වයක් දැක්වූවා.
ලකුණු 230ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් රෝයල්ස් පිළට පන්දුවාර 16.3කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූවේ ලකුණු 152ක් පමණයි.
මෙවර IPL තරගාවලියේ පළමුවරට පිතිකරණයේ යෙදීමට අවස්ථාව ලැබුණු දසුන් ශානක රැස් කරේ ලකුණු 16ක් පමණයි.
මේ තරග ජයත් සමග ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවෙනි ස්ථානයට පැමිණීමට සමත් වුණා.
ඊයේ තරගයේ ලකුණු සටහන
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 20කදී කඩුලු 4ක් දැවී ලකුණු 229යි.
ශුබ්මන් ගිල් 84,සායි සුදර්ශන් 55,වොෂින්ටන් සුන්දර් 37
බ්‍රිජේෂ් ශර්මා 47/2,රවින්ද්‍ර ජඩේජා 34/1,යෂ් පුන්ජා 37/1
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 16.3කදී සියලුදෙනා දැවී ලකුණු 152යි.
රවින්ද්‍ර ජඩේජා 38,වෛබව් සූර්යවංශි 36,ධෘව් ජුරෙල් 24
රශිඩ් ඛාන් 33/4,ජේසන් හෝල්ඩර් 12/3,කගීසෝ රබාඩා 33/2,මොහොමඩ් සීරාජ් 55/1

