එංගලන්තයේ One-off Test කතාවට මැතිව්ස්ගෙන් ප්‍රතිචාර!

එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය (ECB) විසින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමග ඉදිරියේදී පැවැත්වෙන තරග සංචාර වලටදී එක් ටෙස්ට් තරගයකට වඩා ක්‍රීඩා නොකිරීමට තීරණයක් ගෙන තිබුණා.

ඒ ඔස්ට්‍රේලියාව,ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල් වලට එරෙහිව ක්‍රීඩා කරන තරගාවලි වල ටෙස්ට් තරග සංඛ්‍යාව 5 දක්වා වැඩි කිරීමට ඇති අවශ්‍යතාවය මතයි.

මේ පිළිබද හිටපු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රතිචාර දක්වා තිබුණා.ඔහු පවසන්නේ
ශ්‍රී ලංකාවට කිසිවෙකු සමඟ තරගාවලියක එක ටෙස්ට් තරගයක් පමණක් ක්‍රීඩා කිරීමට අවශ්‍ය නොමැති බවත් විශාල ජාතීන් ලෙස හඳුන්වන කිසිවෙක් නොමැති බවත් තවද සියලුම ටෙස්ට් ක්‍රීඩා කරන ජාතීන්ට සමානව සැලකිය යුතු බවත්ය.

Back To Top