ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරන සියලුම දේශීය ක්රිකට් තරගාවලි කල් දැමීමට තීරණය කළ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කරනවා.ඊට අද ආරම්භ කිරීමට තිබූ Major Club T20 තරගාවලියද ඇතුළත්.
ශ්රී ලංකාව තුළ මේ වන විට පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.මෙසේ කල් දමන ලද සියලුම තරගාවලි නැවත පැවැත්වෙන දිනයන් ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් නුදුරේදී දැනුම් දෙනු ඇති.

