2026 IPL තරගාවලියේ Eliminator වටයේ තරගය ඊයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවැත්වුණා. එම තරගය ලකුණු 47කින් පහසුවෙන් ජයග්‍රහණය කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ අනුව රාජස්ථාන් කණ්ඩායම දෙවෙනි සුදුසුකම් ලබා ගැනීමේ තරගයට සුදුසුකම් ලැබුවා,එහිදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග ඔවුන් තරගවැදීමට නියමිතයි.
ඊයේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 243ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා. එහිදී වෛබව් සූර්යවංශි ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ අතර ඔහු පන්දු 29කින් ලකුණු 97ක් රැස් කරේ හතරේ පහර 5ක් සහ හයේ පහර 12ක් සමගින්.
ඒ අනුව මේවර IPL තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත්වීමටද ඔහු සමත් වූ අතර ක්‍රිස් ගේල් පසුකර යමින් එක් IPL තරගවාරයකදී වැඩිම හයේ පහර ප්‍රමාණයක් රැස් කළ ක්‍රීඩකයා බවට පත්වීමට සූර්යවංශි සමත් වුණා.ඒ හයේ පහර 65ක් සමගින්.
සූර්යවංශිගේ දැවී යාමෙන් පසු ධෘව් ජුරෙල්ගේ ඉනිම සමගින් ලකුණු 243ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුවත් රාජස්ථාන් ඉනිම තිබූ තත්වය අනුව නියත 260+ ලකුණු සංඛ්‍යාවක් නිර්මාණය කිරීමට හැකි තත්වයක් තිබුණා.
දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි සන්රයිසස් ඉනිමේ කඩුලු 5ක්ම ලකුණු 81ක් තුළ බිද වැටී අපහසු අඩියකට පත්ව තිබුණා. එහිදී නිතිෂ් කුමාර් සහ සලිල් අරෝරා අතර ගොඩ නැගුණු ලකුණු 50ක සබදතාවය සමගින් යම් සාධනීය තත්වයකට පැමිණියද තරගය ජයග්‍රහණය කිරීමට තරම් එය ප්‍රමාණවත් වූවේ නොවීය.
සන්රයිසස් ඉනිමේ මුල්පෙළ කඩුලු තුනම දවාගනිමින් සන්රයිසස් ඉනිම වේලාසනින්ම අඩපණ කරේ ජොෆ්රා ආචර් විසින්,ඔහු කඩුලු 3ක් දවාගත්තා. අවසන් මහා තරගයට පිවිසෙන කණ්ඩායම දෙවෙනි සුදුසුකම් ලැබීමේ තරගයේදී තෝරාගනු ඇතියි. ඊයේ තරගයේ ලකුණු සටහන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 243යි.
වෛබව් සූර්යවංශි 97(29), ධෘව් ජුරෙල් 50(21), යසස්වි ජයිස්වාල් 29(29)
ප්‍රාෆුල් හින්ගේ 54/3, නිතිෂ් කුමාර් 12/1, ශිවන්ග් කුමාර් 19/1, එෂාන් මාලිංග 40/1
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 19.2කදී සියලුදෙනා දැවී ලකුණු 196යි.
නිතිෂ් කුමාර් 38(20), සලිල් අරෝරා 35(21), ශිවන්ග් කුමාර් 27(24)
ජොෆ්රා ආචර් 58/3, රවීන්ද්‍ර ජඩේජා 21/2, ශුශාන්ත් මිශ්රා 21/2, නන්ඩ්‍රේ බර්ගර් 26/2, යෂ් පුන්ජා 31/1

