Category: Sinhala

ශාන්ත සේවියර් පිරිමි විද්‍යාලයෙහි ඉදිකිරීමට නියමිත ගෘහස්ථ ක්‍රීඩාගාරය සඳහා මුල්ගල තබයි

ශාන්ත සේවියර් පිරිමි විද්‍යාලයේ ඉදිකිරීමට නියමිත ගෘහස්ථ ක්‍රීඩාගාරය සඳහා මුල්ගල තැබීම ඊයේ දින (ඔක්.03) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ අතින් සිදු කෙරිණි. මෙම අවස්ථාවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වී.ප්‍රේමචන්දිරන්, වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී එම්.ජෙගතීස්වරන්, මන්නාරම දිස්ත්‍රික් ලේකම්තුමා, ශාන්ත සේවියර් පිරිමි විද්‍යාලයේ විදුහල්පතිතුමා සහභාගී විය. මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා […]

පළමු වතාවට පවත්වන දෘෂ්‍යාබාධිත කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලිය

ොව පළමු වතාවට පවත්වන දෘෂ්‍යාබාධිත කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලිය (‘Women’s T20 world Cup – Cricket for the Blind 2025) පිළිබඳ දැනුවත් කිරීම සහ දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ නිල වෙබ් පිටුව දියත් කිරීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (ඔක්තොම්බර් 01 ) කොළඹ ටාජ් සමුද්‍රා (Taj Samudra) හෝටල් පරිශ්‍රයේ […]

මන්නාරම දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අයිතියට පත් කෙරේ

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අයවැය ප්‍රතිපාදන රුපියල් මිලියන 94 ක වියදමින් සකසන ලද නානාට්ටම් ප්‍රාදේශීය කොට්ඨාසයට අයත් නරවිල කුලම් ප්‍රදේශයේ ඉදිකර ඇති මන්නාරම දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අයිතියට පත් කිරීම අද (ඔක්.03) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ, […]

කරාතේ ශූරතාවලියට සහභාගි වීමට නොහැකි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා හමුවෙයි.

ආසියානු කනිෂ්ඨ කරාතේ ශුරතාවලිය සඳහා සහභාගි වීමට වීසා ලබා ගත නොහැකි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් අද තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා හමු විය. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද (04දා) එම පිරිස අමාත්‍යවරයා හමු වී තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳව අමාත්‍යවරයා හමුවේ කරුණු දැක්වීය. මෙම අවස්ථාවේදී තරුණ කටයුතු […]

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය කරාතේ දෝ සම්මේලනයේ අක්‍රමිකතා විසඳීමට පියවර ගනියි.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින්, සංශෝධිත 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති අනුව විෂය භාර අමාත්‍යවරයා ලෙස පැවරී ඇති බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයෙහි ලියාපදිංචිය අංක 2451/24 2025-08-27 දරන ගැසට් පත්‍රයෙන් තාවකාලිකව අත්හිටුවන ලදී. ශ්‍රී ලංකාවේ කරාතේ දෝ සම්මේලන පරිපාලනයේ පවතින අර්බුධකාරී තත්ත්වය විසදීම […]

යාපනයට ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයක්

යාපනයේ ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් පිළිබඳව සොයා බැලීම සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ඊයේ දින (සැප්තැම්බර් 01) යාපනය නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරිත විය. මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික්කයේ දිසාපති එම්. පියරතේපන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

49 වන ජාතික මහා ක්‍රීඩා උළලෙහි සමාප්ති අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවත් එක්ව සංවිධානය කරනු ලබන 49 වන ජාතික මහා ක්‍රීඩා උළලෙහි සමාප්ති උළෙල, ඊයේ දින (අගෝස්තු 31) අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දඩැල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විණි.මෙම අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය පැවසුවේ, මනුෂ්‍යයින් නීරෝගී කිරීමේ අපූරු හැකියාවක් ක්‍රීඩාවට පවතින අතර නීරෝගී, විනයගරුක ශක්තිමත් ජනතාවක් ගොඩ නැගීමට ක්‍රීඩාව […]

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයින පුරා සිදු කරනු ලබන ‘ ජාතික ගමන් මග’

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයින පුරා සිදු කරනු ලබන ‘ ජාතික ගමන් මග’ වැඩසටහන යටතේ කනිෂ්ඨ පාසල් 690 ක් සඳහා ක්‍රිකට් උපකරණ කට්ටල බෙදා දීමේ දීපව්‍යාප්ත වැඩසටහන අද (අගෝස්තු 20) දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙහිදී කනිෂ්ඨ ක්‍රිකට් උපකරණ කට්ටල 690 ක්, ක්‍රිකට් සපත්තු […]

ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් තරගාවලියේ දෙවන අදියර උද්වේගකාරී අත්දැකීම් රැසක් සමග නොවැම්බරයේදී ආරම්භ වේ.

ශ්‍රී ලංකාවේ වසරේ දැවැන්තම සහ කීර්තිමත්ම හොකී තරගාවලිය ලෙස සැලකෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් (Premier Hockey League (PHL) Sri Lanka )  දෙවන අදියර, නොවැම්බර් මස පළමු සතියේ ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ  නිල මාධ්‍ය හමුවක් එහි සංවිධායකයන් වන Nextgen Hockey Development Society විසින් පසුගියදා කොළඹදී සංවිධාන කර තිබිණි. මේ ඔස්සේ හොකී […]

U-15 ආසියානු බේස්බෝල් ශූරතාවලිය – 2025

අගෝස්තු 17 සිට 23 දක්වා තායිවානයේ දී පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම ශූරතාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩක කණ්ඩායම ඊයේ දින (අගෝස්තු 13) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා හමුවිය. එහිදී අමාත්‍යවරයා, BFA XII U-15 ආසියානු බේස්බෝල් ශූරතාවලිය සඳහා සහභාගී වන බේස්බෝල් (baseball) ක්‍රීඩක කණ්ඩායමට ජයග්‍රහණය උදෙසා සුබ පැතුම් එක් […]

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව පාපැදි රැලිය

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන ක්‍රීඩා සතියත්, එයට සමගාමීව Clean Sri Lanka වැඩසටහන හා එක්ව සංවිධානය කළ පාපැදි රැලියත් පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අද (ජූලි 24) දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි. මෙහිදී මාධ්‍ය […]

දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. මෙම තත්ත්වය මත ප්‍රවේශපත්‍ර අළෙවිය වෙනුවෙන් රංගිරි දඹුලු ක්‍රීඩාංගණයෙහි ප්‍රවේශපත්‍ර කවුලුව අද ප.ව. 3.30 සිට නිල වශයෙන් වසා දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර […]

Back To Top