IPL සඳහා ක්‍රීඩකයන් කිහිපයකට ශ්‍රී ලංකා ක්‍රිකට් අවසරය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන් පිරිසකට යෝග්‍යතා පරීක්ෂණයෙන් පසුව කොළ එළියක් දී ඇති අතර, 2026 IPL ට යෑමට තවමත් විශාල නම් කිහිපයක් අවිනිශ්චිතව පවතී, ඔවුන් තම යෝග්‍යතා පරීක්ෂණය සමත් වුහොත් මෙවර තරගාවලියට යාමට අවසර හිමිවේ.

අවසර ලද ශ්‍රී ලංකා ක්‍රීඩකයින්

එෂාන් මාලිංග – සන්රයිසස් හයිද්‍රාබාද්
කමිඳු මෙන්ඩිස් – සන්රයිසස් හයිද්‍රාබාද්
දුෂ්මන්ත චමීර – දිල්ලි කැපිටල්ස්
පැතුම් නිශ්ශංක – දිල්ලි කැපිටල්ස්
දසුන් ශානක – රාජස්ථාන් රෝයල්ස්

යෝග්‍යතා පරීක්ෂණය කට අවසරය බලාපොරොත්තුවෙන් සිටින ක්‍රීඩකයන්,
වනින්දු හසරංග – ලක්නව් සුපර් ජයන්ට්ස් (යෝග්‍යතා පරීක්ෂණය ඉතිරිව ඇත)
මතීෂ පතිරණ – කොල්කටා නයිට් රයිඩර්ස් (යෝග්‍යතා පරීක්ෂණයට යටත් වේ)
නුවන් තුෂාර – රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ❤️(යෝග්‍යතා පරීක්ෂණයට යටත් වේ)

තරඟාවලිය මාර්තු 28 වන දින ආරම්භ වීමට ඇත. හසරංග සහ පතිරණ වැනි ප්‍රධාන ක්‍රීඩකයින්ට පළමු තරඟ කිහිපය මඟ හැරෙන්නට ඉඩ ඇත.

Back To Top