Tag: Sri Lanka Cricket

පාකිස්තානයට එරෙහි සිව්වන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකා යෞවනයන්ට

කරච්චි ජාතික බැංකු ක්‍රීඩාංගණයේදී පැවැති සිව්වන එක්‌දින තරගයෙන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම කඩුලු තුනක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට සමත් වූයේ තරගාවලිය තරග 2-2ක් ලෙසින් සම තත්වයට රැගෙන එමිනි. වමතින් පිත්ත හසුරුවන පාකිස්තාන ආරම්භක පිතිකරු ෂාසායිබ් ඛාන් විශිෂ්ට අර්ධ ශතකයක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් පාන්නට සමත් වුවද, ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන මල්ෂ […]

තෙවන එක්දින තරගය ජයගත් පාකිස්තාන යෞවනයන් තරගාවලියේ පෙරමුණ ගනී.

කරච්චිහිදී පැවැති තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා 19න් පහළ පිල කඩුලු 6කින් පරදවා තරග පහකින් සමන්විත තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට පාකිස්තාන යොවුන් පිල සමත්විය. කාසියේ වාසිය දිනූ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළහ. ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 289ක් ලබා ගැනීමට සමත් විය. විශිෂ්ට ශතකයක් වාර්තා […]

නවෝද් හා සොනාල් බංග්ලාදේශයට එරෙහිව ශතක වාර්තා කරයි

ශ්‍රී ලංකා නැගි එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර පළමු නිල නොවන ටෙස්ට් තරගය මේ දිනවල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. තරගයේ පළමුව පන්දුවට පහර දෙන බංග්ලාදේශය සිය පළමු ඉනීමට කඩුලු 9ක් දැවී ලකුණු 501ක් රැස්කොට සිටියදී ඉනීම අත්හිටුවීමට තීරණය කළහ. එහිදී අනිච් මොල්ලා ලකුණු 147ක්, ශහදත් හුසේන් ලකුණු 93ක්, මහ්මුදුල් හසන් […]

නායකයා මට පන්දුව දුන්නොත් මම පැහැදිලිවම පන්දු යවනවා – ඇන්ජිලෝ මැතිව්ස්

එක්දින ලෝක කුසලාන තරගාවලියේ තවත් තීරණාත්මක තර්ගයක් හෙට දිනයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන මෙම තරගයට පෙර පැවති මාධ්‍ය හමුව වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස් සහභාගි විය. එහිදී ඔහු දැක්වූ අදහස් මේ. මම අවසාන අවුරුදු තුනේ වැඩිය සීමිත පන්දුවාර තරග ක්‍රීඩා කරලා නෑ. නමුත් මම බලාපොරොත්තු වෙනවා මගේ අත්දැකීම් උපයෝගී කරගන්න. […]

මහීෂ් තීක්ෂණ එංගලන්ත තරගයට ක්‍රීඩා කිරීමට සූදානමින්

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ, එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී තේරීම් සදහා එක්වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළ බැංගලෝර් හි පැවති ශ්‍රී ලංකා පුහුණු සැසියෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දකවමින්. මහේෂ් තීක්ෂණ නෙදර්ලන්ත තරගයෙන් පසු ස්කෑන් පරීක්ෂණයකට භාජනය කරන ලද අතර ආබාධ තත්වය […]

මතීෂ වෙනුවට ඇන්ජි ශ්‍රී ලංකා සංචිතයට

ආබාධයට ලක්වූ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට එක් කොට ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැතිව්ස්ගේ නම අද දිනයේදී ICC ඉසව් තාක්ෂණික කමිටුව වෙත යවා ඇත. ICC බොහෝ විට අද දිනය තුළ එය අනුමත කිරීමට ඉඩ ඇත. ආදේශක ක්‍රීඩකයෙකු ලෙස ඇන්ජිලෝ මැතිව්ස් පසුගිය සතියේ ඉන්දියාවට පැමිණි අතර […]

චමීරයි, ඇන්ජියි කණ්ඩායමට ආපු එක ගොඩක් වටිනවා – සදීර සමරවික්‍රම

මෑත කාලීනව ශ්‍රී ලංකා කණ්ඩායම තරග ජයග්‍රහණය කරා රැගෙන යාමට සුවිශේෂී කාර්‍යභාරයක් ඉටුකරන්නට සදීර සමරවික්‍රම සමත් වුණා. ඊයේ දිනයේ බැංගලෝර්හිදී පැවති පුහුණුවීම් අතරතුරදී සදීර සමරවික්‍රම Ceylon Sports වෙත මෙලෙසින් අදහස් දැක්වූවා. හොද රිද්මයකින් ලකුණු ලබාගැනීමට හැකිවීම ගැන මොකද හිතෙන්නේ?ඇත්තටම සතුටුයි මොකද ලෝක කුසලානයක මේ වගේ දක්ෂතා දක්වන්න ලැබීම ගැන. කණ්ඩායමක් විදියට සෙල්ලම් කරද්දි මගේ දක්ෂතා […]

මතීෂ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

දකුණු උරහිසේ ආබාධයට ලක්ව සිටින වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කොට තිබෙනවා. ඔහුව ශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කරන ලෙස කණ්ඩායම් කළමණාකාරීත්වය ලෝක කුසලාන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලීමක් සිදු කළ අතර ඊට අනුමැතිය හිමි වීමත් සමග මතීෂ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කෙරිණි. ඒ අනුව මතීෂ පතිරණ අද රාත්‍රියේ දී මෙරටට පැමිණීමට නියමිතය. මතීෂ […]

Back To Top