හොකී ක්‍රීඩාවේ අභිවෘද්ධියට ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය දක්වයි

මේ වන විට අබලන් තත්වයේ ඇති ටොරින්ටන් හොකී ක්‍රීඩාංගණය ඉකමින් නවීකරණය කරන බවට ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා සදහන් කොට ඇත. ක්‍රීඩා රාජ්‍යය අමාත්‍යවරයා ටොරින්ටන් හොකී හා පැසිපන්දු ක්‍රීඩාංගණ නිරීක්ෂණය වෙනුවෙන් පැමිණි අවස්ථාවේ මේ බව සදහන් කොට සිටියා.

මෙම ක්‍රීඩාංගණ වසර කිහිපයකින් නවීකරණය කර නොතිබීම හේතුවෙන් ඒවා දැඩි අබලන් තත්වයේ පවතින අතර ක්‍රීඩා කිරීමට නොහැකි වාතාවරණයක් උදාවී ඇත. ක්‍රීඩා අමාත්‍යවරයා නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව සදහන් කොට සිටියේ පැසිපන්දු ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු මාර්තු මස වන විට අවසන් කරන බවයි. එමෙන්ම කෘතිම හොකී ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූල්‍ය අඅනුග්‍රහයක් ලබා දී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කොට ඇත.

Image Credit – Sanka Vidanagamage

Back To Top